ප්‍රමුඛ පියවර 9ක්, විසඳුම් රැසක් සමග රට ගොඩගන්නා සැලැස්ම සජිත් කියයි (VIDEO)

Date:

රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම උදෙසා පියවර 9කින් යුක්ත විසදුම් මාලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරනු ලැබීය.

ණය පැහැර හැරීම් වලක්වා ගැනීමේ සිට පවත්නා වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒම දක්වා ක්‍රමානුකූල විසදුම් මාලාවක් එහි අන්තර්ගත විනි.

ඒ අනුව පාලනයකින් විරහිත වූ ණය පැහැරහැරීම වළක්වා ගැනීම සඳහා ගෙවීම් කල්දැමීමට එකඟතාවක් ඇතිකර ගැනීම, ශ්‍රී ලංකා මහබැංකුවේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම, ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ණය විරාමයකට ප්‍රවේශ වීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීම, හිතවත් රටවලින් මූල්‍ය ආධාර ලබාගැනීම, වහාම අලුත් අයවැයක් ඉදිරිපත් කර රටේ දුප්පත්ම ජන කොට්ඨාසවලට සහන ලබාදීම, ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මේ වැඩසටහන් සඳහා දායක කරගැනීම, රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටළුවක් ඇති නිසා වහාම ලෝක ආහාර සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කර ආධාර ඉල්ලීම, මැයි මාසයේ ගෙවීමට ඇති ණය සේවාකරණය ඩොලර් බිලියන 1.3ක මුදල තාවකාලිකව අත්හිටුවා ගැනීම යන යෝජනා සවිස්තරාත්මකව ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...