රටට ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනා සුගත් තිලකරත්නට පොදුජන පෙරමුණේ මැරයින්ගෙන් තර්ජණ

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ඉමහත් කිර්තියක් දිනා දුන් සහ මේ වන විටත් ශ්‍රී ලංකාවේ මීටර් 400 ඉසව්වේ ජාතික වාර්තාව උසුලන සුගත් තිලකරත්නට ඔහු සේවය කරන කොළොන්නාව තෙල් සංස්ථා භූමියේදී තර්ජණය කර පහරදීමට උත්සාහ කර ඇත.

ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙනෙන ලද ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වන සුගත් ක්‍රීඩාව හා සබැඳී පිරිස් සමඟ එක්ව මේ ආණ්ඩුවට එරෙහි මහජන අරගලයට සහය පළ කරමින් නිදහස් චතුරස්‍ර භූමියේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කිරීම මේ තර්ජණයට හේතුව වි ඇත.සුගත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ගෙන ුන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ඔලිම්පික් තරගය නියෝජනය කරමින් එවකට මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාලාභියා වූ මයිකල් ජොන්සන් පළමු වටයේදී පරාජයට පත් කරමින් ලෝකයේම දෑස් ශ්‍රී ලංකාව දෙසට හරවන්නට සමත් වූ අයෙකි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක අකර...

CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල්...

ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!

කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...