අවුරුද්දට නිවාඩු ගන්න අපි සූදානම් නෑ අරගලය අඛණ්ඩවම – අනුර දිසානායක

Date:

ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස අරගල කරන ජනතාවට හතිවැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී උත්සව සමය එළඹුනද විරෝධතා අඛණ්වම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කරන්නේ.

කෝටි දෙකකට අධික ජනතාව අද පාරට බැස එකහඬින් කියා සිටින්නේ ජනාධිපතිවරයා ඇතුළු පාලකයන් වහාම ඉල්ලා අස් වී ගෙදර යායුතු බව යැයි පෙන්වා දෙන ජවිපෙ නායකයා පවසන්නේ තවමත් පාලකයන් එයට අවනත වීමට සූදානම් නොමැති බවයි. ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපතිවරයාට හිමි බලතල සහ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගණන අනුව ඔවුන් තවමත් බලයේ සිටින බවත්, කිසිදු ජනතා බලයක් ඔවුන්ට නොමැති බවත් දිසානායක මහතා සඳහන් කරනවා.

ජනතාව මෙම අරගලය ආරම්භ කර ඇත්තේ පාලකයන් පළවා හැර ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ හතිවැටී අරගලය අතරමැද ඉවත්ව යාමට ඔවුන් සූදානම් නොමැති බවයි. රටටත් ජනතාවටත් යහපත් පාලනයක් ස්ථාපිත වනතුරු ජනතාව අරගලයේ නිරත වනු ඇති බවද ඔහු පවසනවා.

අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ මහරගම නගරයේදී පැවැත්වූ උද්ගෝෂණය අතරතුර අදහස් දක්වමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...