ආණ්ඩුවේ ස්ථාවරත්වය ගැන අපිට ලොකු සැකයක් නැහැ – එස්. බී.

Date:

විපක්ෂය පැවසූ පමණින් වගකිව යුතු ජනාධිපතිවරයෙකුට ධූරය හැර දමා ගිය නොහැකි අතර එසේ ගියහොත් වන්නේ සම්පූර්ණයෙන් රට ආරාජික වීම බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අවසුවේය.

අද (09) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ වන විට ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින මන්ත්‍රීවරු බොහොමයක්ද තීරණාත්මක අවස්ථාවේදී හිටගන්නේ පොදුජන පෙරමුණ සමඟ වන හෙයින් ආණ්ඩුවේ ස්ථාවරත්වය ගැන ලොකු සැකයක් නැති බවද හෙතෙම කියා සිටියේය.

”විපක්ෂය කිව්වටගෙදර පල කියල එහෙම යන්න බැහැ වගකිවයුතු ජනාධිපතිවරයෙකුට. එහෙම ගියොත් මොකද වෙන්නේ. රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා. පහුගිය දවස්වල ආණ්ඩු පක්ෂයේ ගොඩක් දෙනෙක් ස්වාධීන වුණා. මේ ස්වාධීන වුණ සියලුම දෙනා අයින් කරපුවම පොදුජන පෙරමුණු රජයට 117ක් තියෙනවා. ඒ වගේම ස්වාධීන වෙච්ච වැඩිදෙනෙක් තීරණාත්මක මොහොතේ ජන්දය දෙන්න සමඟි ජන බලවේගය එක්කවත් ජේවීපී එක්ක වත් නෙවෙයි ඒ මිනිසු අපිත් එක්කයි හිටගන්නේ. ඒ නිසා ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳව අපිට එහෙම ලොකු සැකයක් නැහැ. ඒ අතර තවත් ඉතාම අමනෝඥ සටන් පාඨයක් ඉදිරිපත් කළා ඊයේ විපක්ෂය විධායක ජාන්ධිපති ක්‍රමය අහෝසි කරන්න. මොකටද මේ ? රටේ ආර්ථික අර්බුදය විසඳන්නද? මිනිස්සු විඳින දුක ගැන අපටත් හරිම වේදනායි.අපි මිනිස්සුන්ගෙන් සමව ඉල්ලනවා. ගෙවල් වල පැය හතක අටක් විදුලිය නැතුව ඉන්නකොට මටත් යන්න හිතෙනවා බෝඩ් එකක අරගෙන. ඒ තමයි හැටි.” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...