අනුර වෙනුවට රනිල් බලයේ සිටියා නම් ඇමරිකානු තීරු බදුවලට සහනය ගන්න හැටි මෙන්න!

Date:

කොළඹ LNW:අනුර කුමාර දිසානායක වෙනුවට අද රනිල් වික්‍රමසිංහ බලයේ සිටියා නම් ඇමරිකානු තීරු බදු හමුවේ සහනයක් ලබාගන්නා ආකාරය හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

එම සහනය ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු අත ලෙස සිටින එලෝන් මස්ක් සමඟ සාකච්ජා කිරීමේ හැකියාව වික්‍රමසිංහ මහතා සතු බවයි සේනාරත්න මහතා සඳහන් කළේ.

එලෝන් මස්ක් සමඟ තේ බී ස්ටාර්ලින්ක් සබඳතාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ නායකයා ලෙස වික්‍රමසිංහ මහතාට එම හැකියාව පවතින බවයි සේනාරත්න මහතා පෙන්වා දුන්නේ.

”අද රනිල් වික්‍රමසිංහ හිටියා නම්,අද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු අත කවුද? එලෝන් මස්ක්. එලෝන් මස්ක් එක්ක තේ බිව්වේ කවුද, රනිල් වික්‍රමසිංහ තේ බීලා ඔහුට ආරාධනා කළා ස්ටාර්ලින්ක් ලංකාවට ගේන්න කියල. ස්ටාර්ලින්ක් මේ ලංකාව වගේ කුඩා දුපතකට වැඩක් නැහැ. මෙහෙ වෙළෙඳපොළ ඒ මනුස්සයාගේ පොකට් මනිවලටත් මදි. නමුත් මිත්‍රත්වය උඩ ස්ටාර්ලින්ක් එක පටන් ගන්න වැඩ ආරම්භ කළා ලංකාවේ. TRC එකෙන් ඒකට අනුමැතිය දෙද්දී තමයි ආණ්ඩුව පෙරලුණේ. ඔන්න එතකොට හදුන්නෙත්ති එලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කිව්වා. ඔය වගේ ආර්ථික ඔස්තාර්ලා තමයි දැන් ඉන්නේ. මේගොල්ලෝ කෝප් එකේ ඉඳල මාධ්‍ය සංදර්ශන පෙන්නලා ඔස්තාර්ලා වුණා. මේගොල්ලෝ දන්නා ආර්ථිකයක් නැහැ. මේ බදු 44% වුණහමත් හදුන්නෙත්ති කිව්වේ නෑ ඒක ප්‍රශ්නයක් නැහැ කියල. මුළු ලෝකෙම හෙල්ලිලා. හදුන්නේත්තිට ප්‍රශ්නයක් නැහැ කිව්වා. අද රනිල් හිටියා නම් මතක තියාගන්න. ට්‍රම්ප්ව පැත්තකට දාන්න. එලෝන් මස්ක් එක්ක කතාකරගන්නේ. එලෝන් මස්ක් තමයි ඔය ගණන් මිනුම් කියන්නේ. එලෝන් මස්ක්ගෙන අහල තමයි අද ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ කරන්නේ. අද මුළු ඇමරිකාවම පාරට බැහැල තියෙන්නේ එලෝන් මස්ක්ට විරුද්ධව. ඒ නිසා එලෝන් මස්ක්ට කතා කරලා අපිට සහනයක් ගන්න තිබුණා. මේ වගේ අද වාණිජ මණ්ඩලය, සියලුම ව්‍යාපාරිකයෝ ඇඟලුම් කර්මාන්තයේ 23% අපේ අපනයන තියෙන්නේ ඇමරිකාවට. මේ 44%ත් එක්ක අපිට ඔරොත්තු දෙන්නේ කොහොමද?මේකේ තියෙන අනික් භයානක තත්ත්වය මොකක්ද? මේ වගේ බදු යුරෝපා සංගමයට ගහනකොට යුරෝපා සංගමය අපට දීලා තියෙනවා සහන. GSP සහන. ඒගොල්ලන්ට ඒ සහන දරාගන්න බැරිවේවි. එතකොට GSPත් නැතිවෙයි අපට. එතකොට මේ රට ගමන් කරන්නේ කොහාටද?හෙට දවසේ මොකක්ද එන්නේ. සාගතයක් නේද? නැවත 2022 නේද එන්නේ. මේවා ගැන මොනවද මේ රජය කරන්නේ. මොකක්ද මොවුන්ගේ වැඩපිළිවෙල. නිශ්ශබ්දයි. ඇත්තටම මේ රට අද අසරණ වෙලා තියෙන්නේ.” යනුවෙන් හෙතෙම තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...