පාස්කු දිනය අදයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන, දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝක සත්වයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් මහත් බැතියෙන් පුදනු ලබයි.

ප්‍රධාන දේව මෙහෙය ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වූ අතර කිතුණු දේවස්ථානවල “ආලේ ලුයියා” සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් පවත්වනු ලබයි.

පොලීසිය පවසන්නේ මේ අතර පාස්කු දිනය නිමිත්තෙන් සියලු දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් , පසුගිය දින කිහිපය තුළ සිටම අදාළ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල් පන්දුවෙන් සිය තේරීම සාධාරණය කරයි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: සිය මංගල ටේස්ට් තරගයට...

ජගත්ගේ මුදල් බලය දණගැස්වූ වටගල න්‍යාය

සමගි ජන බලවේගය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන සිටි පාලින්දනුවර...

නැවත සොයාගත යුතුව ඇත ….

''පින්තූරයේ සිටින අපේ තාත්තා දුටුවොත් පහත අංකයට දැනුම් දෙන්න....

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කරගෙන රවටන්න එපා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා...