විසඳුමක් සෙවීමට සියලුදෙනාගේම සහය අවශ්‍යයි – IMF

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙන්නේ, විදේශ ණය සහන ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති බවත්, අඛණ්ඩව තිබූ ආර්ථික ගැටලු සහ වැරදි ප්‍රතිපත්තිමය නීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ බව පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි.

එම ආර්ථික අර්බුදය නිමකර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි වසර 04 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර එම දැවැන්ත ගැටලුව විසඳීමට සියලුදෙනා එක්විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ , රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම, විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සහ ණය සහන ලබාදීම සඳහා නව ආර්ථික ප්‍රතිසංස්කරණ මේ වන විටත් රජය හඳුන්වා දී ඇති බවයි.

පීටර් බෘෘවර් මහතා පවසන්නේ , විශේෂයෙන් දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි වැඩි අවදානයක් යොමුකළ යුතු අතර සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගතයුතු බවයි.

පීටර් බෘෘවර් මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ , ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් හිමිවිය යුතු අතර ඒ සඳහා ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, මහජන මූල්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීම සහ දූෂණ විරෝධී නෛතික රාමුව ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය බවත් , ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ අනාගතය දීප්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...