චීනයෙන් නව යෝජනාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වන අතර ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ , ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව අදාළ රේඩාර් පද්ධතිය පිහිටුවීමට යෝජනා කර ඇති බවයි .

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම එම රේඩාර් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බවයි. දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑ ප්‍රදේශයක ඉදිකිරීමට යෝජනා කර ඇති අදාළ රේඩාර් පද්ධතිය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යාවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙහෙය වීමට නියමිතය.

ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ , අදාළ රේඩාර් පද්ධතිය ස්ථාපිත කළහොත් දියාගෝ ගාසියා දූපතේ අමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇති බවයි .අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ , මෙම නිරීක්ෂණ පද්ධතිය මගින් නැගෙනහිර අන්දමන් සහ නිකෝර්බා දූපත් දක්වා පරාසයක ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බවයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...