*
Friday, May 3, 2024
spot_img

Latest Posts

චීනයෙන් නව යෝජනාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වන අතර ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ , ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව අදාළ රේඩාර් පද්ධතිය පිහිටුවීමට යෝජනා කර ඇති බවයි .

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම එම රේඩාර් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බවයි. දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑ ප්‍රදේශයක ඉදිකිරීමට යෝජනා කර ඇති අදාළ රේඩාර් පද්ධතිය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යාවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙහෙය වීමට නියමිතය.

ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ , අදාළ රේඩාර් පද්ධතිය ස්ථාපිත කළහොත් දියාගෝ ගාසියා දූපතේ අමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇති බවයි .අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ , මෙම නිරීක්ෂණ පද්ධතිය මගින් නැගෙනහිර අන්දමන් සහ නිකෝර්බා දූපත් දක්වා පරාසයක ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බවයි.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan