ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් ඉතාලියේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් ඉතාලියේ පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බව teleSURHD මාධ්‍ය පවසයි.

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.

විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව ඇති බව පැවසේ. 

ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් ගුවන් මගින් රෝහල් කරා රැගෙන ගොස් ඇති බව පැවසේ.

විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, සුවියානා විල, 1932 වසරේදී කෘතිමව ඉදිකර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...