වැඩි කැමත්ත කමිඳුට

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 10, කොළඹ (LNW): මාර්තු මාසය සඳහා හොඳම ක්‍රීඩකයා කවුරුන්ද යන්න විමසා බැලීමට ක්‍රිකට් සමාජය වෙත අයිසිසී ය විසින් ක්‍රිකට් ක්‍රිඩකයින් තිදෙනෙක් ඉදිරිපත් කර තිබුණා.ඔවුන්ට ජනතා කැමත්ත ප්‍රකාශ කිරීමට ඡන්දය ලබා දිය හැකි මාර්ග ගත ක්‍රමයක් ද සකසා තිබුණා.


ඒ අනුව අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩේර් සහ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මැටි හෙන්රි අභිබවා යමින් කමිඳු මේ සම්මානයට නිර්දේශ කිරීමට කටයුතු කරන්නේ ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් බැවින් එයින් පැහැදිළි වන්නේ මේ වන විටත් කමිදු ඉණිම කිහිපයකින් ලෝකයේම ප්‍රශංසාවට පාත්‍රව තිබෙන බවයි.


ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 334 ක් ලබා ගැනීම ගැන මෙන්ම ඔහු එක් ශතකයක් ලබා ගන්නේ ශ්‍රී ලංකාව කඩුලු 5ක් ලකුණු 57කට බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිස ධනංජය ද සිල්වා සමඟ ලකුණු 202ක දැවැන්ත සබඳතාවක් ගොඬ නගමින් වීමත් ක්‍රිකට් ලෝකයේ ගෞරවයට පාත්‍ර වන සිදුවීමක් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...