වැඩි කැමත්ත කමිඳුට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 10, කොළඹ (LNW): මාර්තු මාසය සඳහා හොඳම ක්‍රීඩකයා කවුරුන්ද යන්න විමසා බැලීමට ක්‍රිකට් සමාජය වෙත අයිසිසී ය විසින් ක්‍රිකට් ක්‍රිඩකයින් තිදෙනෙක් ඉදිරිපත් කර තිබුණා.ඔවුන්ට ජනතා කැමත්ත ප්‍රකාශ කිරීමට ඡන්දය ලබා දිය හැකි මාර්ග ගත ක්‍රමයක් ද සකසා තිබුණා.


ඒ අනුව අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩේර් සහ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මැටි හෙන්රි අභිබවා යමින් කමිඳු මේ සම්මානයට නිර්දේශ කිරීමට කටයුතු කරන්නේ ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් බැවින් එයින් පැහැදිළි වන්නේ මේ වන විටත් කමිදු ඉණිම කිහිපයකින් ලෝකයේම ප්‍රශංසාවට පාත්‍රව තිබෙන බවයි.


ඔහු ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 334 ක් ලබා ගැනීම ගැන මෙන්ම ඔහු එක් ශතකයක් ලබා ගන්නේ ශ්‍රී ලංකාව කඩුලු 5ක් ලකුණු 57කට බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිස ධනංජය ද සිල්වා සමඟ ලකුණු 202ක දැවැන්ත සබඳතාවක් ගොඬ නගමින් වීමත් ක්‍රිකට් ලෝකයේ ගෞරවයට පාත්‍ර වන සිදුවීමක් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...