අදත් මන්ත්‍රී කාවින්ද CID යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට අදාළව සාක්ෂි ලබාදීමටයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර,පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක්විය.

ඒ සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර, ඊට අදාළව සාක්ෂි සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

හිටපු ජනාධිපතිවරයාට මෙම ප්‍රකාශයෙන් නිදහස් විය නොහැකි බව, ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය්ස්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...