පොලිස් ඇමතිලාගේ ණය පියව ගන්න විශ්‍රාමික පොලී ආදායම 10%කින් කපා හැරලා – චම්පිකගේ විරෝධය

Date:

කොළඹ LNW:රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා ලබා දී තිබූ පොළී අනුපාතය 5% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරෝධය පළ කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“අපි ඉතාම තරයේ විරෝධය පළකරනවා මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% ක් ඒ අයගේ ඉතුරුම් වලට ලබාදීලා තිබූ ඒ අනුපාතය 5% දක්වා අඩු කිරීම ගැන. මොකද මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතැමුන් තමන්ගේ බේත් හේත් ටික ලබා ගන්නේ ජීවත් වෙන්නේ මේකෙන්. ඒකට මෙවැනි බාධකයක් එල්ල කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. අඩු ම ගානේ මේ 15% සීමාව ඔවුන් සම්බන්ධයෙන්වත් පවත්වගෙන යන්න ඕනේ.

අපි අහන්නේ මහ බැංකුව හා ආණ්ඩුවෙන් එක දෙයයි. විශේෂයෙන් බැංකු වලින් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ පමණක් අක්‍රීය ණය ප්‍රමාණය රු. බි. 616 ක් මහජන බැංකුවේ 280 ක්. ලංකා බැංකුවේ 336 ක්. ඒවා අයකර ගැනීමට, ඒක ලෝකේ තියෙන ලොකුම අනුපාතයක්. මහජන බැංකුවේ 15% කට අධික ප්‍රමාණයක් අක්‍රිය ණය ප්‍රතිශතය. ඒ ණය අය කර ගන්නේ නැතුව මේ රටට මෙහෙවරක් කරපු මේ අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඊපීඑෆ් එක, ඊටීඑෆ් එක හා විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන මේ ජනතාවට මේ බාධාව, මේ බර දැමීම, ඔවුන් මරණය කරා කැඳවාගෙන යන ක්‍රියාවලියක්. ඉතින් ඒ නිසා ඔවුන් අද ඇඬූ කඳුළින් ඉන්නේ, එය වහාම වෙනස් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

කළ යුතු වන්නේ අක්‍රීය ණය දී තිබෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ ආණ්ඩුවේ ඇමැතිවරු ඇතුළු ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් ඒවා අයකර ගැනීම බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

”ඇත්තටම ව්‍යාපාර බංකොලොත් වෙච්ච අයත් ඉන්නවා ආර්ථික අර්බුදය නිසා. ඒ අය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේවා බැංකුවලට පොලු තිය තිය බොහොම හොඳ ධන කුවේරයෙන් හොඳ ව්‍යවසායකයින්, සුඛෝපභෝගී ජීවිත ගෙවන කිහිප දෙනෙක් වෙනුවට මේ අහිංසක වැඩිහිටියන්ගේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ගිණුමට දක්වපු මේ කැපිල්ල අපි බොහොම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...