*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

පළවෙනි පුරවැසියෙක් මෙහෙම හෑල්ලු වෙන එක රටට හොඳ නෑ – ඩලස්

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): අද, 10 දින නාවල ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය ඇමතූ නිදහස ජනතා සභාවේ නායක, ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, මම විපක්ෂයේ බොහෝ කණ්ඩායම් සමඟ ඒ බරපතළ අභියෝගය භාරගත්තේ යැයි ද අර්බුදය හමුවේ රටේ වගකීම භාර ගන්න කිසිවෙක් හිටියේ නැහැ.  ඔක්කොම හැංගුණා මම විතරයි අභියෝගය භාර ගත්තේ කියා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියූ නමුත්, මේක බරපතළ මුසාවක් බවත්,  රටේ පළමු පුරවැසියා මෙහෙම බොරු කීමට සුදුසු නැති බවත් ය. 

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ,

” සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාටත් ඒ ආකාරයට චෝදනා කරනව බයේ හැංගුනා. අභියෝගය භාර ගත්තේ නැහැ කියලා. අප දේශපාලන මතවාද අතර යම් යම් පරස්පර තිබුණත්, මම ඒ දෙදෙනාටත් සාධාරණය ඉටු කරන්න ඕනේ. ඇත්තටම සජිත් සහ අනුර දෙන්නම කිව්වේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙනවා නම්, මේ අභියෝගය භාරගන්නා බවයි. පොහොට්ටුවේ ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් එක්ක කොහොමද එයාලා ඒක කරන්නේ? ඒ නිසා, ඒ දෙදෙනම බයවෙලා, හැංගිලා මේක භාරගන්නේ නෑ කියන එක ලොකු බොරුවක්.

නව අවුරුදු උදාවේ සිට හරියටම සති 25 කින් ඒ කියන්නෙ, දින  176 කින් පමණ මේ රටට 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි.

ජනාධිපතිවරණය පවත්වයිද?  නැද්ද?  මහමැතිවරණය පැවැත්වයි ද?  වෙන මැතිවරණයක් ඊට පෙර එයිද?  නැද්ද?  යන කාරණාවන් පිළිබඳ කිසිදු ආකාරයක සැකයක් සංඛාවක් තියාගන්න එපා. ඒවා සියල්ල ආණ්ඩුව විසින් ඇති කරනු ලබන මාධ්‍ය බුබුළු. ජනාධිපතිවරණය නියතයක්.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණය නිශ්චිත දිනයන්හිදි  පැවැත්විය යුතුමයි. ඒ අනුව, නව වසර උදා වී අප්‍රේල් 14 සට හරියටම දින 93 කින් නිසැක වශයෙන්ම මැතිවරණ කොමිසමට සිදුවෙනවා ජනාධිපතිවරණය නිවේදනය කරන්න. ඒ වගේම, දින 114 කින් නාමයෝජනා කැඳවීම ජනාධිපතිවරණ පනතට අනුව සිදුවිය යුතුයි. එනම්, අගෝස්තු පළමු සතිය තුළ නාමයෝජනා කැදවීමට නීතියට අනුව කටයුතු සිද්ධ කරන්න වෙනවා.

ඒ වගේම, නව අවුරුදු උදාවේ සිට හරියටම සති විසි පහකින් ඒ කියන්නෙ දින වශයෙන් ගත්තොත් දින 176 කින් පමණ මේ රටේ 9වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි. නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක් නව කැබිනට් මණ්ඩලයක් පත්වීම නියතයක්. ඒ නිසා,  ජනාධිපතිවරණයට දින 176 ආසන්න වූ මොහොතේ, මං කැමතියි වර්තමානයේ පාලකයන්ට ත් පුරවැසියන්ට ත් දැනුම් දෙන්න කරුණාකර රට විකුණන න්‍යායපත්‍ර, එහෙම නැත්නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ මූලික නීතිය උල්ලංඝනය කරන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියන් පාලකයින්ගේ දේශපාලන සෞඛ්‍යයට බරපතළ ලෙස අහිතකර වන බව.

ඒ වගේම, අපි දැක්කා හිටපු මැතිවරණ කොමසාරිස්   මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා අම්බලන්ගොඩ එතුමාගේ නිවස ඉදිරිපිට බැනර් එකක් ප්‍රදර්ශනය කරනවා පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව. ඔහු ප්‍රකාශ කරනවා මැතිවරණ කල්දැමීම ඒකාධිපතිත්වයට අත වැනීමක් කියලා. ඒක තමයි ඇත්ත.

අද ඉදලා හරියටම දින 176 කින් නව නායකත්වයක් මේ රටට ලැබෙන නිසා කිසිවෙක් මේ රට තමන්ගේ පුද්ගලික බූදලයක් කියා හෝ මේ රට තමාගේ කොම්පැනියක් කියා හෝ මේ රට තමන්ගේ පවුලේ බූදලයක් කියා හෝ සිතා කටයුතු කරන්න එපා යන නිහඬ බලකිරීම මේ අවස්ථාවේදී මා ඔබට සිදු කරනු ලබනවා.

ඒ වගේම, අප සංස්කෘතික පිළිගැනීමට අනුව, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමට ආසන්න මේ මොහොතේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය නිරවුල් කර ගැනීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන. දශක තුනක් රට පාලනය කල හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් අප රටේ ඉන්නවා. මේ සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනාවක මහජනතාවගේ බදු මුදල් වලින්. එවැනි  පසුබිමක මේ අය පක්ෂ දේශපාලනය කරන එක, මැතිවරණ දේශපාලනය කරන එක යුක්ති සහගතද?

එම නිසා, මගේ ඉල්ලීම,  කරුණාකරලා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලනයෙන් සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න. මහජනතාව බිලියන ගණනක් බදු වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රචාරණය වෙනුවෙන් නොවේ.

අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේ  ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය සහ ප්‍රංශයේ ක්‍රමය යන ක්‍රමයන් උදාහරණයට අරගෙන. නමුත් ඇමරිකාවේ  ජනාධිපතිවරු 46 ක්  අතරින් එකම එක ජනාධිපතිවරයෙක් පමණයි ජනාධිපති පදවියේ සිට කොංග්‍රස් මණ්ඩලයට නැවත තරග කළේ. එය සිදුවෙලා තිබෙන්නේද 1830 තරම් වූ ඈත යුගයකදී 6 වැනි ජනාධිපති ජෝන් කුවන්සි ඇඩම් පමණමයි.  ප්‍රංශෙත් ඒක කවදාවත් වෙලා නෑ.

පළවෙනි පුරවැසියෙක් එහෙම හෑල්ලු වෙන එක රටට හොඳ නෑ. අපේ රටේ විධායක ජනාධිපතිවරුන් ගේ මේ හැසිරීම එක පැත්තකින්, අප්‍රසන්නයි. පිළිකුල් සහගතයි. අනෙක් පැත්තෙන්, මහජනතාවගේ බදු මුදල්වලට සිදු කරන නිග්‍රහයක්. අසාධාරණයක්. අවමානයක්.

ඇමරිකාවේ ප්‍රංශයේ නෙමෙයි, අපේ රටේ ඉතිහාසය ගෙන බැලුවත් දේශපාලනය සම්බන්ධයෙන් කුමන මතවාද ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණද ජේ.ආර්. ජයවර්ධන පළමු විධායක ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම අපට ඒ ආදර්ශය ලබා දී තිබෙනවා.  ජනාධිපති ධුරයේ හෙබවීමෙන් පසු මිය යන තෙක් කිසිදු ක්‍රියාකාරී දේශපාලන ක්‍රියාවලියකට ඔහු සහභාගී වුණේ නැහැ. අඩුම ගනනේ ඔහුවත් ආදර්ශයට ගන්න.

කරුණාකර, තරුණ පරම්පරාව, මේ මහපොළොව ඉල්ලන නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් මහජනතාව ගේ බදු මුදල් වලට ගරු කරමින් පළමු පුරවැසියාගේ පරමාදර්ශී භූමිකාවකට ඇතුල් වන්නැයි ගෞරව පෙරදැරිව මා ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා” බව කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan