*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල හරියට භාවිත කලොත්, සෞඛ්‍ය වෘත්තිකයින් රට යන එක අපිට ලැබුණු හොඳ අවස්ථාවක් – සෞඛ්‍ය ඇමති

ඊයේ (09) දින විවෘත විශ්ව විද්‍යාලයේ අම්බලන්ගොඩ අධ්‍යයන මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ කුලරත්න ජාතික පාසලේ දී “අනාගත නායකන් බලගැන්වීමේ” වැඩසටහනේ දෙවන අදියර පැවැත්වුණු බව පැවසේ.

මෙම වැඩසටහන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ විවෘත විශ්ව විද්‍යාලයේ අම්බලන්ගොඩ අධ්‍යයන මධ්‍යස්ථානය ඒකබද්ධව උසස්පෙළ අවසන් කර සමාජගත වන දුවා දරුවන්, ඉලක්කගත අධ්‍යාපන භාවිතාවක් තුළින් ඉදිරියට ගෙන යාම සදහා සිදු කරන සමාජ සත්කාර වැඩසටහනකි.

අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ පැවති මෙම වැඩ සටහන එම විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනරත්න මහතාගේ මෙහෙයවීම මත, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මෙම වැඩ සටහනේ සම්පත් දායකයින් ලෙස අම්බලන්ගොඩ අධ්‍යයන මධ්‍යස්ථානයේ ඉෂාරා අබේගුණසේකර, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ ලෙසාන්ත චතුරංග, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රංගික ප්‍රියන්ත, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ගැමුණු සාලිය, සහ මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ රුචිර මදුෂාන් යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසූ අදහස්,

” ගිය අවුරුද්දෙ විතරක් වෛද්‍ය නිලධාරීන් 1300ක පිරිසක් පිටරට සේවයට ගිහිල්ලා තියෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් 1000ට වැඩි පිරිසක් පිටරට සේවයට ගිහිල්ලා තියෙනවා. හෙද නිලදාරී මහත්ම මහත්මීන් 1000කට ආසන්න පිරිසක් පිටරට සේවයට ගිහිල්ලා තියෙනවා.

ඒක හොද දෙයක් ද?. ‘අයියෝ රට යනවා, මේ සේවය කඩන් වැටෙනවා’ කියලා ගොඩක් අය විස්සෝප වෙනවා. දුක් වෙනවා සහ කණගාටු වෙනවා. හැබැයි අපිට මේක හොද අවස්තාවක්.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ විශ්ව විද්‍යාල 17ක් තියෙනවා. ලංකාව නිදහස ලබා ගන්න විට තිබුණේ එක විශ්ව විද්‍යාලයක් පමණයි.

අද අපේ රටේ විශ්ව විද්‍යාල වලට ගිය දරුවො ලෝකයෙ ගොඩක් රටවල් වලට ගිහිල්ලා සේවය කරනවා. සෞඛ්‍ය අංශය ඒ අතරින් විශේෂයි.

විවෘත විශ්ව විද්‍යාල වගේ ආයතන සෞඛ්‍ය සේවාවේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද වෘත්තිකයින්, උසස් අධ්‍යාපන මට්ටම් වලට ගෙන යන්න විශාල සේවයක් කරනවා.

අපි අපේ වෘත්තිකයෝ පුහුණු කරලා රට යවන්නට ඕන. ඒගොල්ලන්නට රට යන්න දෙන්නට ඕන. ඒ නිසා තමයි, අද ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කැනඩාවට ගිහිල්ලා එංගලන්තයට ගිහිල්ලා ඇමරිකාවට ගිහිල්ලා අපේ වෛද්‍යවරුන් පරිපූරක වෛද්‍ය අතුරු වෛද්‍ය සේවාවෙ අය, හෙද නිලධාරින් ලෝකයේ ගොඩක් රටවල සේවය කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයාට බෙහෙත් කරන්නෙත් ලංකාවේ වෛද්‍ය වරයෙක්. සෞදි අරාබියාවේ රජතුමාට බෙහෙත් කරන වෛද්‍ය කණ්ඩායමෙත් ලංකාවෙ වෛද්‍යවරු, හෙද පරිපූරක වෛද්‍ය සේවවේ අය ඉන්නවා.

ඒක හොද නැද්ද?. අපිට දීර්ඝ ඉතිහාසයක් තිබුණාට, අපේ වෘත්තීයවේදීන් එහෙම ලෝකේ කවදාවත් මේ තරම් ප්‍රමාණ වලින් ගිහිල්ලා ලෝකයයේ වෙනත් රටවල සේවය කරලා නෑ. ඒක වාර්තාගත වෙන්නේ ප්‍රථම වතාවට. ඒක ඉතාම හොද තත්ත්වයක් විදිහටත් අපිට දකින්න පුළුවන්.

කොහොම වුණත්, ඒකට පසුතලය සැකසුනේ අපේ රටේ දීර්ග කාළයක් ක්‍රියාත්මක වෙන ‘නිදහස් අධ්‍යාපන පනත මගින්’ කියන එක අපි මතක තියා ගන්න ඕනේ. ඒ පනත ගෙනාවෙ වෙන කවුරුත් නෙමෙයි, අම්බලන්ගොඩ ඔයාලගෙ ගමට ලග, ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා. ඒක අපේ රටේ සියලුම දෙනාට විශිෂ්ට කාරණාවක් විදියට මම සිහිපත් කරනවා


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan