*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

නාමල්ගේ රගර් තිරණයෙන් රටේම ක්‍රීඩාවලට අවුලක්..?

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් රගර් පරිපාලනය අත්හිටුවීම සඳහා ගනු ලැබූ තීරණය පිළිනොගන්නා බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව උපුටා දක්වමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව දන්වා ඇත.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අභිබවා ක්‍රියා කරන්නට රටක් පෙළඹුනොත් එය සියලුම් ඔලිම්පික් ක්‍රීඩාවලට ඒ රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම වැළක්විය හැකි තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා විසින් යොමු කරන ලද එම ලිපියෙන් වැඩි දුරටත් රගර් පරිපාලනයට අදාළ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා රගර් වෙත සිය නිලවරණය කැදවීමට සහ පැවත්වීමට බලය ඇති බවත්,ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුව අවශ්‍යය උපදෙස් ලබා දිමට සහ සම්බන්ධීකරණය කිරීමට මැදිහත් වීමට සූදානම් බවත් දක්වා ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධි විධාන පිළිනොගන්නා රාජ්‍යයන්ට එම රටේ ජාතික කොඩිය යටතේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ පවතින සංවිධාන හරහා තරග වැදීමට අවස්ථාව නොදෙන තහනමක් පැනවෙන අතර එවැනි අවස්ථාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සඳහා සහභාගි විය යුතුතේ එරට ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේය.දැනට රුසියාව යුදමය තත්ත්වය තුළ සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කර ඇතත්,ඊට පෙරද ඔවුන් සිටියේ සිය රාජ්‍යයේ ධජය යටතේ තරග වැදීමට නොහැකි තරග වාරණයකට ලක්ව ය.ඒ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස්වලට අනුව කටයුතු නොකිරීම නිසා ය.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා බොහෝ ක්‍රීඩා සම්බන්ධයෙන් පැමිණි පැමිණිලි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළත් තමන් ද ක්‍රීඩා කළ රගර් පරිපාලනය තහනම් කිරිමට පියවර ගත්තේය.ඒ ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා නීතිපති උපදෙස් ලබා ගනිමින් සිටින නිසා නිලවරණය නොපවත්වන ලෙස දන්වා යැවිමෙන් අනතුරුව නීතිපති උපදෙස් සම්බන්ධයෙන් වචනයකුදු සඳහන් නොකර තහනම් ලිපියක් නිකුත් කරමින්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan