*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ශ්‍රීලාංකික සරණාගතයන්ට එරෙහිව ඉන්දියාව වැට බඳී – වෙරළ තීරය පුරා දැඩි රැකවල්

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රීලාංකිකයන් ඉන්දියාව වෙත පැමිණීම වැළැක්වීම සඳහා එරට රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂක රැකවල් දැඩි කිරීමටයි ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන්නේ.

පසුගිය මාර්තු මාසය අවසන් වනවිට උතුරු පළාතේ සිට දකුණු ඉන්දියාව වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මේ වනවිට රැඳවුම් භාරයේ සිටී. මේ අතර පසුගිය 08 වැනිදා ඩිංගි යාත්‍රාවකින් දකුණු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ගොස් සිටි ශ්‍රීලාංකිකයන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රීලාංකික සරණාගතයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ පොලීසිය වෙත උපදෙස් ලබා දී ඇති අතර අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ කිලෝමිටර් 974 ක් පුරා ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා තිබෙනවා.

ඔවුන් පවසා තිබෙන්නේ දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ජීවත් විය නොහැකි බවයි. එනිසා දැඩි අවදානමක් දරමින් ඉන්දියාව වෙත යෑමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මෙරට ආර්ථික අර්බුදය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන අතර එය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්තනය වී තිබේ. මෙම තත්වය මත ඉන්දියාව වෙත අනවසරයෙන් ඇතුළුවන ශ්‍රීලාංකික සරණාගතයන් ප්‍රමාණය ඉහළ යනු ඇති බවටයි ඉන්දීය ආරක්ෂක අංශ පුරෝකතනය කරන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan