ඖෂධ සහ උපකරණ හිඟය බරපතළයි. ඉදිරි මාස 3 රටට අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Date:

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය බරපතළ තත්වයකට පත්වෙමින් තිබෙන බැවින් බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

“නිර්වින්දනය සඳහා භාවිතා කරන, විශේෂයෙන්ම පේශි අක්‍රිය කරලා ඊට පස්සෙ පේශි නැවත සක්‍රිය කරන්න භාවිතා කරන යම් යම් ඖෂධවලත් මැහුම් සඳහා භාවිතා කරන ඒවායේත් මේ දවස්වල හිඟයක් තියෙනවා. එම නිසා බොහෝ ආරෝග්‍යශාලාවල තීරණය කරලා තියෙනවා හදිසි ශල්‍යකර්ම පමණක් කරන්න” යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ඉෂාන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

“මීළඟ මාස තුන ඉතාමත් වැදගත් වෙනවා, ඒ වගේම අභියෝගාත්මකයි අපට. යම් සැලැස්මක් ගොඩනැගිය යුතුයි. පළමුව හොයාගන්න බැරිවෙන්නේ මිල අධික ඖෂධ. ඒ වගේම අපට අවශ්‍ය මිලෙන් අඩු ප්‍රමාණාත්මකව වැඩියෙන් භාවිතා වන ඖෂධත් තියෙනවා. සති 28 ට වඩා අඩුවෙන් උපදින දරුවන්ට ඊටී ටියුබ් එකක් ඕනෙ. ඒ වගේම අපි සර්ෆැක්ටන් කියලා රසායනික ද්‍රව්‍යයක් දෙනවා ශ්වසනය ඒ අයගේ නිසි ආකාරයෙන් වෙන්නැති හින්දා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම අවශ්‍යයයි. ඒවා නැත්නම් අඩු වයසින් අඩු බරකින් උපදින බිළිඳුන් මරණයට පත්වෙනවා. දැනට අපට වාර්තා වෙනවා ඒවායෙ යම් අඩුවක් තියෙනවා කියලා” යනුවෙනුයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති සුරන්ත පෙරේරා මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...