*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

සිනමාවට වසන්තය ගෙන ආ ඔබේසේකර …

අධ්‍යතන සිංහල සිනමාවේ පුරෝගාමී සිනමා ප්‍රතිරූපය වසන්ත ඔබේසේකරයි. විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කෘතහස්ත තිර පිටපත් රචකයෙක් , නිෂ්පාදකවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු වූ වසන්ත ඔබේසේකරයන්ගේ පස් වන ගුණානුස්මරණය අප්‍රේල් 08 වන දිනට යෙදී තිබිණ.

ලියන, කියවන හා හදාරණ පරිසරයක් හැදී වැ‌ඩෙන වසන්ත ඔබේසේකරයන්ගේ පියාවූයේ දොන් ඩේවිඩ් ඔබේසේකරය. මව අමරා කන්නන්ගර නම් වූවාය. මහාචාර්ය ගණනාථ ඔබේසේකර ඔහුගේ එකම සහෝදරයා විය. 1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ගනු ලැබූ වසන්ත ඔබේසේකර මහතා කලක් උපාධිධාරී ගුරුවරයෙක් ලෙස සේවය කරන ලදි. ඉන් අනතුරුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී.

එනමුත් ඔහුගේ ආත්මය වෙන්ව පැවතියේ සිනමාවටයි.

වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් ශ්‍රී ලංකාවේ සිනමාවේ දෙවන පරපුරේ පුරෝගාමීන් ලෙස හඳුන්වනු ලැබේ. වසන්ත ඔබේසේකරයන් සිනමාවට අවතීර්ණ වන යුගය වන විට ලෝකය පුරාම තරුණ නැගී සිටීම් අරගල ආදිය දක්නට ලැබිණි. එකී සමාජ පරිවර්ථනයන් සිනමාවට ගෙන එමින් එහි යථාර්ථය සිනමාරූපීව පේක්ෂකයා වෙත ගෙන ඒමට සමත් නිර්මාණකරුවන් රැසක් ඒම අවධියේ බිහි විය. ඒ අතරින් මිර්නාල් සෙන්, රිට්වික් ඝටක් (ඉන්දියාව) ග්ලෝබ රෝචා (බ්‍රසීලය) ෆර්නැන්ඩෝ සොලනාස් (ආර්ජෙන්ටිනාව) උස්මාන් සෙන්බෙනේ (අප්‍රිකාව) ලිනෝ බ්‍රෝකා (පිලිපීනය) මීට උදාහරණ කිහිපයකි.

මෙයට සාපේක්ෂව ඉහත කාලවකානුව තුළදී ලංකාවේද නව දේශපාලන සිනමාවක් බිහි වූයේය. එහිලා පුරෝගාමී වූයේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරයි.

ඔහු මුලින්ම සිනමාවට අත්පොත් තැබුවේ 1967දී ආචාර්ය සිරි ගුනසිංහගේ ”සත් සමුදුර” චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායකවෙමිනි. එම වසරේ මෙම චිත්‍රපටය මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කළේය. ප්‍රංශයේ සිනමාකරණය සම්බන්ධයෙන් වූ කමිටුවක් මගින් ඔහුට 1971දී සිනමාකරණය පිළිබඳ විශේෂ සහතිකයක් පිරිනැමුණි. ඔහු විසින් නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව 13ක් පමණ වේ.

‘වෙස්ගත්තෝ’ (1970) වසන්තගේ ප්‍රථම නිර්මාණයයි. මෙය එක්තරා ආකාරයක ප්‍රහසන චිත්‍රපටයකි. ඔහු මෙයින් කියන්ට උත්සුකව ඇත්තේ ලොකු හොරුන් නිදැල්ලේ වෙසෙද්දී පොඩි හොරුන් පමණක් නීතියේ රැහැනට අසුවන ආකාරයයි.

1971 පශ්චාත් අරගලකාරී අවධිය විෂයෙහි නිදහස් අධ්‍යාපනය පුළුල්වීමත්, පනස් හයේ සිදු කළ සමාජ ප්‍රතිශෝධනත් නිසා ගම්බද සිංහල පමණක් උගත් තරුණයන්ට විශ්ව විද්‍යාල වරම් ලැබිණි. එහෙත් සරසවිය හැරයාමත් සමඟ ඔවුන්ට උග්‍ර රැකියා ප්‍රශ්නයකට මුහුණ දෙන්ට සිදු වීමත් දෙමාපියන් විසින් තම දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කළේ ගේ දොර, වතුපිටි, හරකබාන විකිණීමෙන් හෝ උකස් තැබීමෙනි. අවාසනාවකට මෙන් ඒවා ද සින්න වීමත් සමඟ ඔවුන්ගේ අදෝනාවන් හා ඉච්ඡාබංගත්වයට පත් තාරුණ්‍යයේ ඛේදවාචකය , සමාජ විරෝධය තරුණයන් තුළ ඇති විය. ටමහි එන කතානායකයා සිය උපාධි සහතිකය පුලුස්සා දැමීමත් සමඟ අධ්‍යාපනයට පැවැති උපයෝගිතා වටිනාකම අල්ප බව නිර්මාණකරුවා ගෙන එයි . එහි සිනමා කියවීම ‘වල්මත් වූවෝ’ මූර්තිමත් කරයි.

1976 නිර්මාණය කරන ලද ” දියමන්තිය” නම් චිත්‍රපට නිර්මාණයත් සමඟ අධ්‍යාපනය ලැබූ උගත් තරුණ පරපුරේ පුපුරායාම කදිමට ප්‍රකාශ කිරීමට වසන්ත ඔබේසේකර සමත් වෙයි.

‘පළගැටියෝ’ (1979) සත්‍ය සිදුවීමක් ඇසුරුකරගෙන නිර්මාණය වන මෙම සිනමා නිර්මාණය මඟින් සත්‍ය සිද්ධි ඇසුරු කර ගැනීමට ඔහු යොමු වේ. නගරයට සංක්‍රමණය වන රැකියා විරහිත ගැමි තරුණයන් ඉච්ජිභංගත්වයට පත්වීම මෙහි විස්තර වේ. තම මැද පාන්තික ජීවිතයේ අත්දැකීම් සීමිත හා ඒකාකාරී නිසා සත්‍ය සිදුවීම් ඇසුරේ සිනමා නිර්මාණ කිරීමට තමන් යොමු වූ බව වසන්ත ඔබේසේකරයන් කියා තිබේ.

‘දඩයම‘ (1984) අදටත් වසන්තගේ ජනප්‍රිය චිත්‍රපටයයි. ඔහු පොදුජන ප්‍රේක්ෂකයන් ප්‍රථම වතාවට සමීප කරගත්තේ මේ සිනමාපටයෙනි. මෙය ද සත්‍ය කතාවක නිර්මිතයකි. ගැහැනිය කේන්ද්‍ර කරගෙන ඔවුන් පුරුෂාධිපත්තියට හා ලිංගික සූරාකෑමට එරෙහිව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබෙයි.

එමෙන් ම ඔහු විසින් නිර්මාණය කරන ලද කැඩපතක ඡායා’ (1989) චිත්‍රපටය විවෘත ආර්ථිකයෙන් පසු අපේ රටේ ඇති වූ සාරධර්ම හා සදාචාර පරිහානිය මෙම චිත්‍රපටය මනාව පිළිබිඹු කර දක්වයි. එය එක්තරා ආකාරයකට දඩයම සිනමා නිර්මාණයේම දිගුවක් දැයි සිතෙන තරම්ය. මෙම නිර්මාණ දිත්වයම සිනමාවේ ආකෘතීන් අත්හදා බැලීමට කරන ලද නිර්මාණ වේ. ඒ නමුත් මෙම සිනමා ආඛ්‍යාණ රීතීන් තව දුරටත් වර්ධනය වුයේ නැත.

මීට අමතරව සළෙළු වරම, දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, අසනි වර්ෂා, සෙව්වන්දි මාරුතය හා ආගන්තුකයා ආදී චිත්‍රපට ඔහු අතින් නිර්මාණය වූ නිර්මාණ අතර වේ.

වසන්ත ඔබේසේකරයන් අවස්ථා ගණනාවකදී සම්මානයට ද පාත්‍ර විය.

ජනාධිපති සම්මාන

හොඳම අධ්‍යක්‍ෂණය – පළඟැටියෝ
හොඳම තිර රචනය – පළඟැටියෝ
හොඳම අධ්‍යක්‍ෂණය – දඩයම
හොඳම අධ්‍යක්‍ෂණය – දොරකඩ මාරාව
හොඳම තිර රචනය – දොරකඩ මාරාව
හොඳම තිර රචනය – තීර්ථ යාත්‍රා
හොඳම අධ්‍යක්‍ෂණය – තීර්ථ යාත්‍රා

සරසවිය සම්මාන

හොඳම අධ්‍යක්‍ෂණය – දඩයම
හොඳම තිර රචනය – කැඩපතක ඡායා
හොඳම තිර රචනය – සළෙලළු වරම
හොඳම අධ්‍යක්‍ෂණය – සළෙලළු වරම

වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් දැක්වූ සමාජ සවිංඥානකත්වය හේතුවෙන් ඔවුන් දෙදෙනා සෙසු සිනමාකරුවන්ගෙන් බෙදා වෙන් කොට හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත.

වසන්ත ඔබේසේකර බොහෝවිට තම චිත්‍රපටවලට තෝරාගත්තේ සමාජයේ කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීම්ය. ඒ සිද්ධි පිළිබඳව පර් යේෂණ කරමින් ඔහු බොහෝ කාලයක් ඒවා ගවේෂණ්‍ය කරන්නට විය. ඔහු නිරන්තරව විශ්වාස කළේ හොඳ කලාත්මක සිනමාවක් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වන බවයි. ඔහුගේ මඟ යමින් පසු කාලීනව ප්‍රසන්න විතානගේ ආදී නිර්මාණකරුවන් බිහි විය.

ලාල් හරින්ද්‍රනාත්, වසන්ත ඔබේසේකර චිත්‍රපට කිහිපයකට කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ අයෙකි. මේ ඔහු වසන්ත ඔබේසේකරයන් මඳුන්වන්නේ පහත පරිදිය.

”කාර්මික තිරපිටපතක් ලියා ඒ අනුව රූපගත කළ මම දුටු පළමු අධ්‍යක්ෂවරයා ඔහුයි. එවිට කැමරා අධ්‍යක්ෂවරයාට හරිම ලේසියි. ඔහු මුළු චිත්‍රපටයම කලින් දකින මිනිහෙක්. ඔහුගේ තිරනාටකයේ මුව චිත්‍රපටයම තිබෙනවා. වර්ණ සංකලනය, ඇඳුම්, කලා අධ්‍යක්ෂණය ගැන අප ඔහුගෙන් බොහෝ කරුණු ඉගෙන ගත්තා. ඔහු චිත්‍රපටයේ චරිත ඉස්මතු කරවීමට වැඩි උත්සාහයක් ගත්තා. ඔහු ශබ්දවලින් රූප මවනවා.”

වසන්ත ඔබේසේකර දේශපාලනය සෘජුව කතා නොකරන සමාජයේ ප්‍රබල සිද්ධි තේමා කරගෙන චිත්‍රපට තැනූ අපූරු සිනමාවේදියෙකි. ඔහු තුළ සිනමාකරණයට අපූරු ආසක්තවීමක් තිබිණි. ඒ යුගයේ සමකාලීන සිනමාකරුවන්ගෙන් දැකගත නොහැකි වූ අකෘතික පර්යේෂණ ඔහු නිර්භීතව කළේය. ඔහු නිරූපණය කරන චරිත ආන්දෝලනාත්මක හා පුළුල් පන්ති හා සමාජ පසුබිමක තබා විවරණය කිරීමට ඔහු සමත් විය. ඔහු සිනමාවේ කලාව හා භාවිතාව වෙනස් විදියකට අරුත් ගන්වන්නට සමත් වූ වම් ඉවුරේ සිනමාවට වසන්තය කැඳවු ප්‍රබල නිර්මාණවේදියෙකු විය.

  • සෂිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan