මේ තරුණ විරෝධතා රැල්ල මඟහැර ඉන්න කිසිම පක්ෂයකට සදාචාරාත්මක අයිතියක් නෑ – හඳගම

Date:

මේ තරුණ විරෝධතා රැල්ල අදේශපාලනික එකකැයි විවේචනය කරමින් එය මග හැර සිටීමට කිසිම දේශපාලන ව්‍යාපාරයකට, පක්ෂයකට සදාචාරාත්මක අයිතියක් නැහැ.

එය කිසිදු දේශපාලනික පක්ෂයක මෙහෙයවීමක් නොමැතිව ඕප පාතිකව පැන නැගුනක් බව සැබෑවක්. එහෙත් ඒ තුල විශාල දේශපාලනික විභවයක් තියෙනවා. 70 වසරක පශ්චාත් යටත්විජිත දේශපාලනය වෙනස් කල නොහැකි විෂම චක්‍රයක් ලෙසයි මෙතෙක් දිස්වුනේ. එහෙත් එසේ නොව එයට නිශ්චිත ලෙසම නැවතීමේ තිත තැබීමේ හැකියාව ඇති බවකුයි මේ තරුණ ජවය, උද්යෝගය, ආදරය සහ උද්ඝෝෂණයේ විනය ගරුක බව විසින් පෙන්වා දෙනු ලබන්නේ.

අවසානය අපේක්‍ෂිත ජයග්‍රහණයකින් කෙළවර නොවුනද මාර්තු 31 රාත්‍රියේ සිට මේ දක්වා දින 10 ක් තුල ඇති කරගත් ජයග්‍රහණ සුළු පටු නැහැ. ජාති බේද, ආගම් බේද, පක්ෂ බේද, පංති බේද නැති එකමුතුවම ඇති. වයස් බේදයකින් තොරව මහා ජන ගඟක් අරගල බිමට කැඳවීම ම ඇති. ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඉල්ලා අස්වීමම ඇති. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය තුල වූ වෙනස්කම ම ඇති. ඒවා විශාල සසල වීමක පිළිඹිඹු වීම්.

පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලනයේ බෙල හීන අවස්තාවාදීත්වය ට මේ තරුණ විනය ගත නැගිටීමට නායකත්වය දෙන්නට කශේරුකාවක් නැහැ. පරිකල්පනයක් නැහැ. එකඟතාවක්, සහයෝගයක් නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදී සීමාව තුල මේ තරුණ ජවයට යාහැකි සීමාවන් තියෙනවා. ඒ දුර ඔවුන් සමඟ පියමන් කරමින් තම චන්දයෙන්, මනාපයෙන් පැමිණ දියවන්නාවේ සූදු කෙළිනවුන් ට ‘උඹලා අපට අහිමි කල අපේ ජීවිතය අපට දියව්.’ කියා බලපෑම් කිරීම මේ මොහොතේ කාගේත් වගකීමයි.

  • අසෝක හඳගම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...