*
Friday, April 19, 2024
spot_img

Latest Posts

තවත් මාසයක් යනකොට රට බංකොලොත් – හිටපු විගණකාධිපති

තවත් මාසයක කාලයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් බවට පත්වනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා. අද කොළඹදී පැවති විරෝධතාවයකට සහභාගිවෙමින් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙවැනි ඉරණමක් අත්වන බවට වසරකට පමණ පෙර සිට අනතුරු ඇඟවීම් සිදුකළ නමුත් ආණ්ඩුව ඊට කන්දීමට සූදානම් නොවූ බවයි හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

වත්මන් පාලනයට ලබාදිය හැකි එකම විසඳුම දිගින් දිගටම විදෙස් රටවලින් ණය ලබාගෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම පමණක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට උගසට තැබීමට සිදුවන බවත් පෙන්වා දෙන ගාමිණී විජේසිංහ මහතා පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගියද ස්ථිර විසඳුමක් නොලැබෙන බවයි.

රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයෙන් ගොඩ ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හෝ අනුර දිසානායක මහතාට හෝ නොහැකි බවද ඔහු පවසනවා. පවත්නා ක්‍රමය නඩත්තු කිරීම හැර වෙනත් විසඳුමක් ඔවුන් සතුව නොමැති බවද ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan