ලාබාල ඉසුරි සහ සිතුමිට ඔලිම්පික් යුගල සූරියන් හමුවේ පරාජය – විරේන්ගෙන් ලෝකයේ අංක හයට හොඳ සටනක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 10 කොළඹ LNW :

නින්ග්බෝ බැංකු කුසලාන වෙනුවෙන් චීනයේ පැවත්වෙන ආසියානු බැඩිමින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ ලාබාල කාන්තා යුගලය වූ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා පහසුවෙන් පරාජයට පත් කරමින් ජය ගන්නට චීනයේ චෙන් ක්වින්ග් චෙන් සහ ජියා යී ෆෑන් සමත් විය.21 – 5 සහ 21 – 5 ක් ලෙස එම තරගය නිමාවට පත් වූ අතර,ඉසුරිට සහ සිතුමිට එය සුවිශාල වැදගත්කමක් වන්නේ චෙන් සහ ජියා පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා යුගල සූරියන් මෙන්ම ලොව අංක 7 ට ශ්‍රේණිගතව සිටින කාන්තා යුගලයද වන නිසාය.


මෙම තරගාවලියේ අවසන් 32 අතරට පිවිසීම ද විශාල දුශ්කර කාර්යයක් වන්නේ ලොව ඉහළම දක්ෂයන් බහුතරයක් ආසියාව නියෝජනය කර බැවින්ය. එවැනි තත්ත්වයක පිරිමි සහ කාන්තා කේවල ඉසව්වලදී ශ්‍රී ලංකාවේ පිරිමි කේවල ජාතික සූරයා වූ විරේන් නෙත්තසිංහ සහ කාන්තා ජාතික සූරිය වූ රනිත්මා ලියනගේ අවසන් 32 අතරට පිවිසීම ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ලැබූ සුව්ශේෂි ජයකි.ඔවුන් දෙදෙනා මෙන්ම ඉසුරි සහ සිතුමි කාන්තා යුගල අංශයෙන් ද,මධුක දුලාංජන සහ ලහිරු වීරසිංහ පිරිමි යුගල අංශයෙන් ද අවසන් 32 වටයට පිවිසීමට සමත් විය.


කිසිවෙකුට ඉන් ඉදිරියට ගමන් කරන්නට නොහැකි වුව ද එහිදී ලොව අංක 6 ට ශ්‍රේණිගතව සිටින චිනයේ ලී ෂී ෆෙන්ග් වෙත විශාල අභියෝගයක් එල්ල කළ විරේන්,ආසියානු බැඩිමින්ටන් කේෂ්ත්‍රයේ විශාල අවධානයක් දිනා ගන්නට සමත් විය. විරේන් ෆෙන්ග් ඉදිරියේ පරාජය ලැබුවේ ලකුණු 21 – 19 සහ 21 – 19 ක් ලෙසයි.


රනිත්මා පරාජයට පත් වූයේ ද ඇයට වඩා වෘත්තිමය බැඩිමින්ටන් ක්‍රීඩිකාවක ලෙස විශාල අත්දැකීමක් ඇති,වර්ථමානයේ ලොව අංක 21 ට ශ්‍රේණිගතව සිටින ජපානයේ නට්සුකි නිදයිරා හමුවේයි.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21 – 16 සහ 21 – 7 ක් ලෙසයි.

පිරිමි යුගල තරගයට සහභාගි වුණ මධුක දුලාංජන සහ ලහිරු වීරසිංහ පරාජයට පත් කරන්න සමත් වූයේ ඉන්දියාවේ හරිහරන් අම්සකරුනන් සහ රූබන් කුමාර් රෙතිනසභාපති යි.එම තරගයේ ලකුණු තත්ත්වය වාර්තා වූයේ ලකුණු 21 – 3 සහ 21 – 12 ක් ලෙසයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...