බදු ගැටළුව ලෙහන්න ජනපති මූලිකත්වයෙන් විශේෂ රැස්වීමක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 10 කොළඹ LNW :

අද (10) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් , ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමතයි. ඒ අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙනි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ,මෙම පක්ෂ නායක හමුව අද පෙරවරු 11.00 ට පැවැත්වෙන බවයි. අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන බව සමගි ජන බලවේගය පැවසූ අතර,  සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වනු ඇති. 

විපක්ෂයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම පක්ෂ නායක හමුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළ අතර,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ තම පක්ෂයද මේ සඳහා සහභාගී වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...