බටලන්ද වාර්තාව ගැන විවාදය අද!

කොළඹ LNW:බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වීමට නියමිතයි. එය දෙදින විවාදයක් ලෙස සඳහන් වන අතර අද විවාදයෙන් අනතුරුව නැවත මැයි මාසයේ දිනක විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

බටලන්ද නිවාස සංකීර්ණය තුළ නීති විරෝධිව රඳවා ගෙන වදකාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උක්ත වාර්තාව සකස් කර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පළමු පාලන සමයේ ස්ථාපිත කළ කොමිසම මඟින් එම වාර්තාව නිකුත් කර තිබූ නමුත් ඊට අදාළ නිසි නීතිමය පියවර ගෙන නොතිබුණි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය මාර්තු 14 වැනිදා එම වාර්තාව සභාගත කරන ලදී. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසකගේ අවධානය යොමුව තිබෙන අතර ඊට යුක්තිය ඉටුවිය යුතු බවට අවධාරණය කරමින් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...