මාරක රිය අනතුරක් සිදු කර පලාගිය රියදුරෙක් සොයා පොලිස් විමර්ශන ඇරඹේ!

0
735

රෂිකා හෙන්නායක අප්‍රේල් 10 කොළඹ LNW :

වැලිකඩ, කොටා මාර්ගයේ රාජගිරිය බස් නැවතුම්පළ අසලදී රිය අනතුරක් සිදු කර පලාගිය ලොරි රථ රියදුරෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වූ එම ලොරි රථය පදික මාරුව මතින් ගමන් කළ කාන්තාවකගේ ගැටී ඇති බවයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන අතර, පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, ඇය රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකාරියක් බවයි.