ට්‍රම්ප් ලෝක බදුදැල දින 90 කට අකුලයි……!

Date:

අශෝක ජයතුංග

අප්‍රේල් 10 වොෂින්ටන් LNW :


🍎ඇමෙරිකානු ජනතාව වීදි බසිමින් කළ අරගලයට තාවකාලික ජයක්…..?
🍎 ඉලොන් ගේ ටෙස්ලා කාර් ගිණි තැබීම ට්‍රම්ප් සසල කළා ද..?
🍎ට්‍රම්ප් ගේ දෙවන ආගමනය තෙක් නිහඬව සිටීමේ ගොන්කම.
🍎දෙවන වටය වඩාත් උපායික හා සුක්ෂමවීම ඒකාන්තය…..?
🍎මොන අභියෝග ආවත් ඇමෙරිකාව ලොව අංක එකේ රට කරලයි පස්ස බලන්නේ….?
🍎මෝදි තම සුක්ෂම බව ඇමෙරිකාවටත් ගිල්ලවු හැටි……?
🍎චීනයට වෙනමම ප්‍රතිපත්තියක්……?

ප්‍රධාන රටවල් 60 ක් ඇතුළු ලොව රටවල් 185 ක් ඉලක්ක කරමින් ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පැනවූ අධික බදු බර දින 90 කට කල්දමා යළි සමාලෝචනය කිරීමට ඇමෙරිකානු රජය තීන්දු කොට තිබේ. එහෙත් චීනයට වෙනමම ප්‍රතිපත්තියක් ද යන සැකය තවම පවතී.

ලොව දසත මෙන්ම ඇමෙරිකානු අගනගරය වොෂින්ටන් ඇතුළු නගර රැසකදී ඇමෙරිකානුවන් හා විවිධ රටවල ජනතාව මෙන්ම සංවිධාන ට්‍රම්ප් ගේ බදු හා සෙසු නීති වලට එරෙහි උද්ගෝෂණ දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් සංවිධානය කොට තිබිණ.වොෂින්ටනයේ ධවල මන්දිරය කැපිටල් හිල් පාර්ලිමේන්තුව ඇතුළු ඇමෙරිකාවේ දේශපාලන මර්මස්ථාන රැසක් ජනතාව වටලෑ අතර මේ වනවිට එම ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත්කොට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබේ.
තවද කැපිටල් හිල් හි සෙනෙට් මණ්ඩලයේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් මෙන්ම බයිඩන්, ඔබාමාලා ගේ ඩිමොක්‍රටික් පක්ෂ වල සාමාජිකයන්ගේ දැවැන්ත එකමුතුවක් හරහා ට්‍රම්ප් ගේ මෙම ක්ෂණික බදු ගැහිලි හා පැනවූ සංක්‍රමණ හා සෙසු නීති වලට එරෙහිව ක්‍රියාත්මකවීමට තීන්දු කොට තිබීම ට්‍රම්ප් ආණ්ඩුවට මෙතෙක් එල්ලවූ විශාලම අභියෝගය වේ.

ඊට අමතරව චීනයට පැනවු සියයට එකසිය ගණනක අධික බදු හේතුවෙන් ඔවුන් පෙරළා ඇමෙරිකාවට එරෙහිව අධික බදු පැනවීම මෙන්ම ලෝක වෙළෙද සංවිධානය තුළ නඩු පැවරීම ආදිය සිදු කිරීම ට්‍රමිප් ගේ හිසරදය දෙගුණ කළේය.ඉන්දියාවේ මෝදි යාප්පුවෙන් ගේම දෙන්නෙකි. ඔහු ඇමෙරිකාවෙන් ඉන්දියාවට ගෙන්වන භාණ්ඩ වලට බදු අඩු කිරීම හා දෙරට අතර වෙළෙද ශේෂය අවමවන ලෙස ඇමෙරිකාවෙන් වැඩිපුර භාණ්ඩ ඉන්දියාවට ගෙන්වීම මෙන්ම යුද ගුවන්යානා ලබා ගැනීමේ ගිවිසුමකට ඇමෙරිකාව හා එකගත්වයකට ඒම ආදී සුක්ෂම කටයුතු රැසක් සිදුකර ඇඟ බෙිරා ගත්තේය.
වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායකයා ට්‍රම්ප් අමතා ඇමෙරිකානු භාණ්ඩ වලට බදු බින්දුව දක්වා අඩු කරන බව පැවසීමත් එවිට යම් සාධනීය එකගත්වයට පැමිණීමේ හැකියාව පවතින බව ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සිදු විය. ජපානය ද ඇමෙරිකාව හමුවේ ඇඔරුණු පසුබිමක් පෙන්නුම් කළේය. එහෙත් යුරෝපා සංගමය උඩින් ගේම බේරාගැනීමට මෙන්ම එසේ නොහැකි වුවහොත් බෙල්ලට බෙල්ල දීමේ දැඩි ස්ථාවරයට යාමට තීන්දු කොට තිබිණ.
සියල්ල අතරේ ට්‍රම්ප්ගේ ලගම මිත්‍ර ඉලොන් මස්ක්ගේ ටෙස්ලා වාහන වලට ගිණි බෝම්බ ගසා ඇමෙරිකාව ප්‍රංශය හා යුරෝපා රටවල් රැසක වාහන විනාශ කිරීම ට්‍රම්ප් තැතිගත් දැඩි සාධකයක් විය.මස්ක්ගේ ව්‍යාපාර ජාලය 15% ක පසුබෑමට ලක්වීම ද ඒ හරහා සිදු විය. ට්‍රම්ප්ට රිවස් යන්නට එම කරුණු ද දැඩි ලෙස බලපෑවේය.

අධික බලය හා අධික මුදල් මිනිසුන් පිස්සන් කරන බවට කියමනක් තිබේ.ට්‍රම්ප් පරිපාලනයටත් එම ව්‍යාධිය විශාල ලෙස හානි ගෙනේවි යයි ඇමෙරිකාව තුළ මෙන්ම ලෝකය තුළ ද පළවූ මත අද යථාර්තයක් බවට පෙරළෙමින් තිබෙන බව ඇතැමුන්ගේ විග්‍රහය වේ. දින 90 කට බදු ගැසීම කල්දැමීමට ට්‍රම්ප් උපායශීලීව ක්‍රියා කළේ වර්දනය වෙමින් තිබෙන මෙම ගිණියම් පසුබිම තුළය.

එහෙත් දැන් සියල්ල අවසන් බව ලංකාව හා ලොව සෙසු රටවල් සිතන්නේ නම් එය මහා මුලාවෙකි. ට්‍රම්ප්ට දේශපාලන ලෙස නැතිවෙන්නට දෙයක් නැත. දෙවරක් ජනපති වු හෙයින් ඔහුට යළි ජනපති වෙන්නට නොහැක.
“මොන අභියෝග ආවත් ඇමෙරිකාව යළි ලොව ප්‍රබලම ජාතිය හා දේශය මෙන්ම ශක්තිමත්ම ආර්ථිකය කරලයි මම පස්ස බලන්නේ” ලෝකයට කෙතරම් රිදුම් දුන්නද ඇමෙරිකාව වෙනුවෙන් වු ඔහුගේ එම අවංක චෙිතනාව ලෙහෙසියෙන් අකුලා ගැනීමට ට්‍රමිප් පසුගාමී නොවන බව නම් ඒකාන්තය. ඔහු වඩාත් සූක්ෂම හා ශක්තිමත් උපාය මාර්ගයක් හරහා දෙවන වටයේ පිම්ම පනිනු ඒකාන්තය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...