ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මෙම විශ්වාසභංගයට අදාළ ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර කාරක සභාව) විශේෂ රැස්වීමක් ද ඊයේ (09) පස්වරුවේ පැවැත්වී තිබිණි. එය පැය 06ක පමණ කාලයක් තිස්සේ ඇදීගොස් ඇති බව සඳහන්.
එහිදී අනාවරණය වූ කරුණු අනුව, මෙම බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරීම සඳහා කුමාර ජයකොඩි අමාත්‍යවරයා ලංකා ගල් අඟුරු සමාගමේ ඉහළ නිලධාරීන්ව බිල්ලට දීමට සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


