ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම එක්සත් ජනපදයේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ඩොලර් මිලියන 257 කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැරහැරීම හේතුවක් සම්භන්ධයෙන් වූ නඩුවකි.

අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාල මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාල නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නියමිත ය.

විදෙස් අධිකරණයක් ණය සම්බන්ධ නඩුවකදී, ශ්‍රී ලංකාවට එරෙහිව තීරණයක් ගතහොත්, මෙරට විදෙස් වත්කම් අත්පත් කර ගැනීමේ අවධානමක් ද උද්ගත විය හැකි බවත් , 2012 වසරේ දී ආර්ජන්ටිනාවට අයත් නෞකාවක් ගානා වරායකදී අත්පත් කර ගැනීමේ සිදුවීම ඊට උදාරණයක් බව විද්වතුන් පෙන්වාදෙයි.

අම‍ෙරිකානු ආයතයක්, ආර්ජන්ටිනාව ණය පැහැරහැරීමක් සම්බන්ධයෙන් ගානා උසාවියකදී ගොනු කළ නඩු තීන්දුවකට අදාලව මෙම අත්පත් කර ගැනීම සිදුව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...