වැඩි මිලට වික්කොත් වැඩ වරදී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවුරුදු උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළඳුන් 1500 කට වැඩි පිරිසකට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වැටලීම් ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම සහ තොග සඟවා තබා ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙන අතර බිත්තර පිළිබඳව වැඩි අවධායක් යොමු කරන ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය .
ඒ අනුව ඉදිරි දිනවල තවදුරටත් වෙළඳපළ වැටලීම්වලට සමගාමීව බිත්තර ගොවිපළවල් ද වැටලීම් සිදු කෙරෙනු ඇති බව ඔවුන් පැවසීය .

තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ , උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද අධිකාරියේ නිලධාරීන් තවදුරටත් රාජකාරින් සිදුකරමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...