අප්‍රේල් 25ත් ජන්දය නැහැ – ජන්දේ ඉල්ලන රාජ්‍ය සේවකයන්ට සුභ පණිවිඩයක් (VIDEO)

කොළඹ LNW: පවතින තත්ත්වය අනුව පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදාත් පැවැත්විය නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේය.

ඒ,අද (10) අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් අතර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි අද (10) පැවැත්වුණා.

ඊට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාද සහභාගී වී සිටියේය.

මෙම සාකච්ජාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එළඹෙන අප්‍රේල් 25 වැනිදා මැතිවරණය නොපැවැත්වෙන හෙයින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට මාර්තු 09 සිට අප්‍රේල් දක්වා මූලික වැටුප ගෙවීමට කටයුතු කර තිබෙන අතර අප්‍රේල් 25න් පසු එම අය ජන්දය ඉල්ලන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටතට අනුයුක්ත කර වැටුප් ගෙවීමට කටයුතු කරන බවයු.

මැතිවරණ කොමිසම ඉල්ලා සිටි ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර තීරණයක් ගන්නා බවද රාජ්‍ය අමාතයවරයා සඳහන් කළේය.

රජයේ පාර්ශවය සහ මැතිවරණ කොමිසම අතර ඉතා සුහදව සාකච්ජාව පැවැත්වුන බවයි ඔහු කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...