හතුරු යනවට බංගලි වැසියන්ගේ කැමැත්ත

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 11, කොළඹ (LNW): සමාජ ජාලාවක හතුරුසිංහ නැවත බංගලාදේශ ක්‍රිකට් සඳහා එකතු නොවන බව ප්‍රකාශ කර තිබෙන බවට පළ වූ ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වන එරට ජනතාව ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් සිය සතුට පළ කර තිබෙනවා.හතුරුසිංහ පසුගිය කාලයේ බංගලාදේශ ක්‍රිකට් පරිපාලනය විවේචනය කරමින් එරට ක්‍රීඩකයන්ට බංගලාදේශය කේන්ද්‍ර කරගෙන පැවත්වෙන විස්සයි විස්ස ලීග් තරගාවලියේදී ප්‍රමාණාත්මකව අවස්ථාව නොලැබෙන බවට චෝදනා කළා.

හතුරු ඒ ආකාරයට පරිපාලනය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වෙනස් කරමින් දක්ෂයන් සොයා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පෙන්වා දෙමින් මෙන්ම බංගලාදේශ ඉතිහාසයේ සුවිශේෂ ජයග්‍රහණ කණ්ඩායමට ගෙන දෙන්නට මැදිහත් වූ පුහුණුකරුවා ද වෙනවා.අවසානයට නිමාව දුටු ශ්‍රී ලංකා තරගාවලියේදී බංගලාදේශය එක්දින තරගාවලිය පමණක් ජය ගෙන විස්සයි විස්ස සහ විශේෂයෙන් ටෙස්ට් තරගාවලියේදී බරපතල පරාජයක් ලැබීම හැරෙන්නට බංගලාදේශය ඉකුත් සමයේ සෙසු රටවල්වලට අභියෝගයක් වන අන්දමේ ක්‍රිකට් ක්‍රීඩාවක නියැළුණා.

විශේෂයෙන් එංගලන්තය ටෙස්ට් කරගාවලියේදී පරාජය කිරීම මෙන්ම නවසීලන්තය සමඟ 1-1 ලෙස ටෙස්ට් තරගාවලිය සම ගර ගැනීම සම්බන්ධයෙන් බංගලාදේශ ක්‍රිකට් ගැන ලෝකය අවධානයෙන් සහ පැහැදීමෙන් සාකච්ඡා කළා.ඒ ආකාරයට බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල කීර්තියක් ගෙනා හතුරුසිංහ එරට හැර යන බවට කළ ප්‍රකාශයට එරට ජනතාව දක්වන ප්‍රතිචාරය කෘතවේදීත්වයෙන් තොර එකක් වීම ගැන කණගාටුයි.ඇතැමෙක් රාමසාන් දිනය ප්‍රීතිමත් කිරීමට දෙවියන් වහන්සේ විසින් ලබා දුන් දෙයක් හැටියට ද සිය සතුට ප්‍රකාශ කරමින් බංගලාදේශ වැසියන් පවසා තිබෙනු දකින්නට ලැබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...