තරුණ ගෝලීය නායකයකු (YGL) ලෙස තේරුණු ජීවන් තොණ්ඩමන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් තරුණ ගෝලීය නායකයකු (Young Global Leader: YGL) වශයෙන් තෝරාගෙන ඇතැයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය කියා සිටී.

මෙසේ ඇමැතිවරයකු තරුණ ගෝලීය නායකයකු (YGL) ලෙස පිළිගැනීමට ලක්වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට බවද සඳහන් වේ.

පසුගිය වර්ෂයේ ඇමැතිවරයකු බවට පත් වූ තොණ්ඩමන් මහතා ඉතිහාසයේ පටන් ආන්තීකරණයට ලක් වූ ජන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්ව වැඩිදියුණු කිරීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජල පරිභෝජනය සඳහා වූ ප්‍රවේශය සහතික කිරීම සඳහා ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට නායකත්වය දීම අරමුණු කර ගත් මුලපිරීම් කිහිපයකටම නායකත්වය දුන්නේය.

රාජ්‍ය සේවාව සඳහා ඔහු දරන කැපවීම සහ නායකත්වය සඳහා ඔහුගේ නව්‍ය ප්‍රවේශය ජාතික මට්ටමින්ම සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙන අතර, ඉහත තෝරාගැනීම හරහා එය දැන් ගෝලීය මට්ටමින්ම පිළිගැනීමට ලක්වීමට සුදුසුකමක් වී ඇත.

තරුණ ගෝලීය නායක (YGL) ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීමට කැපවීමක් දරන සුවිශේෂී නායකයන් 1,000කට අධික සංඛ්‍යාවකින් යුත් අසමසම බහු පාර්ශ්වික ප්‍රජාවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...