අවුරුද්දට නිදහස ලබා ගෙදර යන රැදවියෝ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වූ සිරකරුවන් 779ක් නිදහස ලබා මෙම 13 වැනිදා බන්ධනාගාරවලින් පිටව යෑමට නියමිත බව බන්ධනාගාර දෙපාර්මේන්තුව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වැනි වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව, සිරකරුවන්ට මෙම වි‍‍ශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබෙන අතර ,නිදහස ලබන මෙම රැඳවූවන්ගෙන් 11 දෙනෙක් කාන්තා රැඳවූවෝ වෙති.

මෙවර වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස ලබා ඇත්තේ පල්ලේකැලේ බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 210කි.

වීරවිල බන්ධනාගාරයෙන් සිරකරුවන් 91ක් ද තල්දෙන බන්ධනාගාරයෙන් 88ක් ද මහර බන්ධනාගාරයෙන් 56ක් ද අඹේපුස්ස බන්ධනාගාරයෙන් 43ක් ද අනුරාධපුර බන්ධනාගාරයෙන් 30ක් ද වශයෙන් බන්ධනාගාර 29කින් මෙම සිරකරුවන් නිදහස ලබා ඇති බව පැවසේ.

ගත කරන ලද සිරදඬුවම් කාලයෙන් වසරකට සති 01ක් අඩු කිරීම, පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවූවන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම, දඩ මුදල් අහෝසි කිරීම යටතේ මෙම සිරකරුවන් නිදහස ලැබීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...