දකුණු කොරියානු විපක්ෂය අතිවිශිෂ්ට ලෙස මධ්‍යවර මැතිවරණය ජයග්‍රහණය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(10) දිනයේදී දකුණු කොරියාවේ පැවති මධ්‍යවාර මැතිවරණයෙන් දකුණු කොරියාවේ විපක්ෂය වන ලිබරල් පක්ෂය ඇති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අද(11)අලුයම කරන ලද මූලික සංඛ්‍යාලේඛනවලට අනුව ආසන 300කින් යුත් ජාතික සභාව තුළ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය සහ සන්ධානගත කුඩා මිත්‍ර බලවේග විසින් ආසන 184ක් දිනා ඇත. ඊට සාපේකෂව, ජනාධිපතිවරයාගේ පාලක පීපල් පවර් පක්ෂයට දිනාගත හැකි වුයේ අසන 109ක් පමණි.

ඒ අනුව, විපක්ෂයට ජනාධිපති යූන් සුක්-යෙයෝල්ගේ ව්‍යවස්ථාදායක නිෂේධ බලය අභිබවා යාමටත්, ව්‍යවස්ථාමය වෙනස්කම් යෝජනා කිරීමටත්, ජනාධිපතිවරයාට දෝෂාභියෝග කිරීමටත් ඉඩ තිබේ.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව විපක්ෂ නායක නායක ලී ජේ-මියුන්ග් මාධ්‍ය වෙත ප්‍රකශ කර තිබුණේ, යූන් සුක් යෙයෝල් පරිපාලනයට එරෙහිව ඔබේ තීන්දුව වූ අතර, ජනතාවගේ ජීවනෝපාය පිළිබඳ වගකීම භාරගෙන වඩා හොඳ සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම තමා භාර ගන්නා බවයි.

මෙය කොන්සර්වේටිව් ජනාධිපති යූන් සුක් යෙයෝල්ගේ පක්ෂයට ප්‍රබල පහරක් වන අතර ජන්ද ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව, අගමැති හැන් ඩක්-සූ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සහායකයින් සිය ඉල්ලා අස්වීම් ලබා දුන් බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

වැඩිවන ආහාර මිල, අධික නිවාස වියදම්, කම්කරු ආරවුල් සහ උපත් අනුපාතිකය පහත වැටීම වැනි ගැටලු මෙන්ම ඔහුගේ බිරිඳ සුඛෝපභෝගී ජීවිතය ජනතාව අතර කලකිරීම ඇතිකර තිබේ.

මෙවර මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 67%ක් වූ අතර එය ව්‍යවස්ථාදායක මැතිවරණයක් සඳහා දශක තුනකට වැඩි කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...

ලෝකයේ බලගතු කාන්තාවන් අතර ගෝලීය සම්මානලාභිනියක් ලෙස පිළිගැනීමට ලක් වූ Sarrah Sammoon..

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යවසායිකාවක් සහ ගෝලීය...

47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: වසර 1957දී ආරම්භ කරනු ලැබූ...

Rashmini Mather කේබල් සොලියුෂන්ස් පීඑල්සී සමඟ එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කේබල් සොලියුෂන්ස් පීඑල්සී...