ලංකාවෙ ආණ්ඩුවට වඩා ඉන්දියාාවෙ ආණ්ඩුවට අපේ ජනතාවගෙ දුක තේරෙනවා – සම්බන්ධන්

Date:

ජනතා ප්‍රශ්න විසඳීමට වඩා පාලකයන් තමන්ගේ බලය රැක ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා. බලය රැක ගැනීම සඳහා අවශ්‍ය නම් ජනතාව මර්දනය කිරීමට වුවද පාලකයන් නොපසුබට වනු ඇති බවයි සම්බන්ධන් මහතා සඳහන් කරන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ නායකයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට පාලකයන්ට වඩා ඉන්දියාවේ පාලකයන් මෙරට ජනතාවගේ ගැටලුවලට සංවේදී වන බවයි.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය එවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට දෙමළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සතුට පළ කරන ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ තමිල්නාඩු මහ ඇමතිවරයා වෙත ලිපියක් මගින් ස්තුතිය පළ කිරීමට කටයුතු කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...