නිශ්මං රණසිංහ අප්‍රේල් 11 කොළඹ LNW :
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විෂමාචාර සහ දූෂණ චෝදනාවලට දඬුවම් දීම ගැන කියන කතා හැම තැනම වපුරයි.රටට පේන්නට පාර්ලිමේන්තුවේ නාමල් රාජපක්ෂ මංත්‍රීවරයාට බේබිලාගේ රගර් වෙනුවෙන් විදේශිකයන් යොදවා ක්‍රීඩා කර පවුම් 50000 ක් දඩ ගැසූ බව කියයි.එම මුදල ලංකාවට අහිමි කළ රගර් පරිපාලනය එම මුදල ගෙවීම වෙනුවට ශ්‍රී ලංකාවේ රගර්වලට ලැබෙන ආධාරවලින් එම ණය කපා ගන්නා ලෙස දන්වයි.එසේ කළ නිලධාරීන් ගැන සිටිය ඇමතිවරු සහ ආණ්ඩු තීරණයක් නොගත් නිසා අද ඒ අය ලංකාවේ රගර් ආසියාවේ වගකීම් දරමින් හසුරුවමින් සිටියි.
රොෂාන් රණසිංහ නම් වූ නාමල් රාජපක්ෂ ඉවත්ව යන විට ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් වූ තැනත්තාගේ සිට හරීන් ප්‍රනාන්දුගේ කාලයේ ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වැඩ කරන ශෙමාල් ප්‍රනාන්දු,එම වැරදි සිඳුවුණේ තමන්ගේ කාලයේ නොවේ යැයි කියමින් පෙර වැරදිකරුවන්ට දඬුවම් දීම මඟ හරියි.ඒ න්‍යාය පත්‍රයම තවමත් පෙරට ගෙන එයි.ඒ අමාත්‍යවරු සමඟ කරන්නට පවරා ගත් ආකාරයටම,ඒ ඇමතිවරුන්ටත් වඩා හොඳින් මේ ඇමති සමඟ වරදට හවුල් වූවන් එකතු කර ගෙන ප්‍රසිද්ධියේ පෙනී සිටියි.ඒ වැරද්දට වගකිව යුතු අයගේ අවශ්‍යයතාවය,ආසිායාවේ උවමනාව ලෙස අර්ථ ගන්වමින් ව්‍යවස්ථාව වෙනස් කර දීමට කටයුතු කරමින් සිටියි.
දේශීය රගර් ක්‍රීඩාවේ ව්‍යාප්තිය වෙනුවෙන් සකස් වි තිබෙන ව්‍යවස්ථා බලය ක්‍රීඩා සමාජ කිහිපයකට පවරා ඒ අනුව වැඩ කරන රාමුවකින් ක්‍රීඩාව රට පුරා ව්‍යාප්ත වීම හැකිලෙන බව පුන පුනා කීවද අමාත්‍යවරයා නාමල්ට රටට පේන්නට බැන,නාමල්ටවත් කළ නොහැකි වූ,වැරදි තීරණ ගත් පරිපාලකයින් වේදිකාවලට ගොඩ කරමින් ඔවුන් සමඟ එක්ව මාධ්‍ය හමු පවත්වමින් කතා පවත්වයි.නිලවරණය කල් දැමීම සඳහා නිලවරණ කමිටුවට එල්ල වූ චෝදනා නිමා වී එකඟතාවයක් ඇතිව තිබියදී අධිකරණයේ එකඟ වූ පරිදි නිලවරණය ආසියානු සභාපතිගේ ලිපියක් පදනම් කරගෙන කල් දැමූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ට එරෙහි නඩුව පාදක කරගෙන ක්‍රියාත්මක නොකර සිටියි.
මැලේසියාව සහ ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන තරගයට පැවති මාධ්‍ය හමුවේදී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ,අමාත්‍යංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේද ආශිර්වාදය ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නාමල් රාජපක්ෂට චෝදනා කළ පවුම් 50000 දඩයට වගකිව යුතු පරිපාලනයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට මැදිව අසුන් ගෙන විම ලංකාවේ රගර් ගැන වත්මන් රජයේ මැදිහත්වීම කියා පාන්නකි.
මේ ප්‍රශ්න ජාතික මාධ්‍ය හමුුුුුවල ඇසෙන්නේ නැත.පාර්ලිමේන්තුව අසන්නෙත් නැත.පාර්ලිමේන්තුව ප්‍රශ්න කරන ක්‍රීඩාව ක්‍රිකට් පමණය.ඒ එහි ගැවසෙන මුදල්මය පොහොසත්කම හේතු කරගෙන ඇසෙන පැනයක්ය.එසේ නොවී ක්‍රීඩාව ජාතික වටිනාකමක් ඇති දෙයක් බවට පාර්ලිමේන්තුව සහ ජාතික මාධ්‍ය තේරුම් ගෙන නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් රගර් හී තත්ත්වය සහ ක්‍රිඩා අමාත්‍යවරයාගේ ප්‍රසිද්ධ ප්‍රකාශ අතර පරස්පරතා ගැන ප්‍රශ්න කරන්නට ගියහොත්,නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට නලීන් හේවගේ,සුනිල් වටගල,සමන්ත විද්‍යාරත්න මට්ටමේම බලපෑමක් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ද එල්ල වෙනු ඇත.
ආසියාවේ සහ ලෝකයේ රගර් උවමනාව ලෙස ලංකාවට පෙරළා තමන්ගේ රගර් උවමනාවන් ව්‍යවස්ථාපිතව ස්ථාපිත කර ගැනීමට උත්සාහ කරන පිරිසට ලංකාවේ දැනට පවතින ක්‍රීඩා නීතියට අනුව වුව, පවුම් 50000 දඩය සම්බන්ධයෙන් ක්‍රීඩා තහනමක් පැනවිය හැකිය.එසේ පැන වූ පසුව ඔවුන්ට ආසියාව හෝ ලෝකය නියෝජනය කරන්නට ද නොහැකිය.එහෙත් වත්මන් ක්‍රීඩා අමාත්‍යතුමා රටට පේන්නට පාර්ලිමේන්තුවේ නාමල්ට සද්දය දමා වරදට වගකිව යුතු පරිපාලන ව්‍යහුය සමඟ සතුටින් වැඩ කරන අතර ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුවද එම පරිපාලන ව්‍යහුයට අදාළ පුද්ගලයෙකුටම පවරා ඇත.
ශ්‍රී ලංකාව නියෝජනයට විදේශිකයන් පිරිසක් ශ්‍රී ලාංකිකයන් ලෙසින් යෙදවීම බරපතල වරදක්ය.එසේම එම වරද ලෝකය හමුවේ ඔප්පු වී දඩයක් නියම වි ඇත.එම වරද සිඳු කිරීමට මුල් වූ නිලධාරීන් එම දඩය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සංවර්ධණයට ලැබෙන ආධාර මුදල්වලින් ගෙවීමට තීරණය කිරීමෙන්,ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධන ක්‍රියාවලියට බාධා පමුණුවා ඇත.එවැනි තත්ත්වයකට වගකිව යුතු පිරිසකට ජනතා අභිලාෂ පෙරටු කර ගත් රජයකින් ලැබෙන්නේ මොනවාද?
පත්වන අමාත්‍යවරයා විසින් පත් කරන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිකමය.පැවති රජයන් විසින් නීතිය ක්‍රියාත්මක නොකළ නිසා වැරදිකාර පරිපාලනයේ නිලධාරීන් ආසියානු වගකීම් දක්වා ඉහළ ගොස්,තමන්ව පවතින රගර් ව්‍යවස්ථාව ඇතුළේ නොපිළිගන්නා තත්ත්වය වෙනස් කර ගැනීමට ව්‍යවස්ථාව වෙනස් කිරීමට ගන්නා උත්සාහයට ආශිර්වාදයය.
ඉදිරියේ නාමල් රාජපක්ෂලා මෙන්ම මලික් සමරවික්‍රමලාගේ ද රගර් ක්‍රීඩාව පමණක් පවතිනු ඇති අතර තඹුත්තේගම ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානය ඇතිවන විට තනි සිග්නල් කණුව අසළ ජිවත් වන පවුල්වල සාමාජිකයන්ට මලික්ලාගේ හෝ නාමල්ලාගේ හිතවතුන් දමන කර්මාන්ත ශාලාවක සේවය කිරීමේ අවස්ථාව මිස රගර් වැනි ක්‍රීඩාවකින් දේශය නියෝජනය කිරීමේ හීන දැකිම සම්පූර්ණයෙන් වළලා දමන්නට සිඳුවනු ඇත.මන්ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ අමාත්‍යවරයා දැඩි වේගයකින් සහ යම් අවස්ථාවල ආවේගයකින් පළාත් රගර් ක්‍රියාකාරීත්වය හකුළා දමා හීනි කර ලංකාවේ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට රගර් හී ව්‍යවස්ථාපිත බලයේ වැඩි කොටස අත්පත් කර දීමට වැඩ කටයුතු කරමින් සිටින බැවිනි.
මේ වෙනස සිඳුවෙමින් පවතින්නේ තඹුත්තේගමින් පැමිණ,කෝච්චියේ වෙළදාම් කළ කොල්ලෙක් රටේ ජනාධිපතිව සහ ගාල්ලේ කුමාර වර්ගයේ පාසලක් ලෙස අවධානයට ලක් නොවූ ඕල්කට් විද්‍යාලයෙන් පැමිණි කොල්ලෙකු රටේ ක්‍රීඩා ඇමතිව සිටියදී විම අපූරුය.සමහර විට ඔවුන් නොවිඳි ක්‍රීඩාවක් දැන් උන්ට මොකටද කියා සිතනවා ද විය හැකිය.ඉහළින්ම ඒ ආශිර්වාදය ලැබෙන බව පෙනෙන්නට තිබියදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිලවරණය සම්බන්ධයෙන් අදාළ පාර්ශවයකින් එල්ල වූ විරෝධය සමතයකට පත් වී තිබියදී තමන් අධිකරණය සමඟ එකඟතාවයකට පැමිණි කරුණු ඉටු නොකර අධිකරණයට අපහාස කළා යැයි පවතින නඩුව පදනම් කරගෙන නිලවරණය නොපවත්වන බව කියන්නේය.නිසි බලධාරියා ලෙස තමන්ට අධිකරණයට අපහාස කිරීම ගැන චෝදනා එල්ල වී ඇති නඩුවට තනිව පෙනී සිටිය යුතු බව කියද්දී අමාත්‍යවරයා,අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ආදී වට පිටාවේ සියල්ල ඈදා ගනිමින් නිලවරණය කල් දැමීමේ බලාපොරොත්තුව වන්නේ, නව ව්‍යවස්ථාව, පවතින ව්‍යවස්ථාවේ බලය හිමි පාර්ශව බලහත්කාරයෙන් යටත් කොට ගෙන ඒමේ උවමනාව බව පැහැදිළිය.
දැන් නව ව්‍යවස්ථාවට වඩා මේ උවමනාව ගැන සහ ඇමතිවරයාගේ බොරු විරෝධය ගැන හොඳම පිංතූරයක් මෙහි දැක්වේ.පවුම් 50000 දඩය ගැන පාර්ලිමේන්තු සද්දය සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙපසින් එම සිඳුවීමට අදාළව පරිපාලනයේ ලේකම්වරයා සහ සභාපතිවරයා සිටින පිංතූරය ඊට හොඳම නිදසුනය.හිටපු ඇමතිවරුවත්,පැවති ආණ්ඩුවත් මේ වරදට දඬුවම් නොකළ ද,මේ ඇමති සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තරම් මේ ආකාරයට ප්‍රසිද්ධියේ ඔවුන් සමඟ පෙනී සිටීමට නිර්භීත නොවුණි.වරදට දඩවුම් නොඳුන් අතීතය ආසියානු නිලතල දක්වා යන්නට හදපු පාරේ ඔවුන්ට යටපත් කර ගැනීමට නොහැකි වූ විරෝධය සපුරා මැඩ ව්‍යස්ථාවෙන්ම තමන්ට බහුතරය දිනා ගත හැකි අන්දමට එහි බලය විහිදි පවතින පරිමාව හකුළා දෙන්නට අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සූදානමින් ඇත.ඊට අභියෝග කිරීමට ඇති එකම ඉඩ අධිකරණය පමණක් ලෙස ඉතුරු වී ඇත.
