*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

උතුරට එන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රටටම ආශිර්වාදයක් වන ක්‍රිඩාවක් කළ හැකි ඉඩ

නිශ්මං රණසිංහ අප්‍රේල් 11 කොළඹ LNW :

ක්‍රිඩා අමාත්‍යවරයා සිය රජයේ මංත්‍රී ඉලංකුමාර්ද , ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය ද සමඟ යාපනයේ ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ඉදිකිරීමේ මූලික වැඩ සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නියැලී තිබෙනවා.මෙය ඉතා යහපත් ප්‍රවේශයක්.ජාත්‍යන්තර වශයෙන් නොවුණත්,ඉන්දියාව සමග ද්වී පාර්ශවිකව වැඩ කිරීමේ පහසු මිත්‍ර දොරටුවක් විවර කර ගැනීමට තවත් වැඩ කොටසකට මාවත විවරවීමක් සහ ශක්තිය එකතු වීමක් කර ගත හැකි වැඩ සටහනක්.


ජනාධිපතිවරණ සමයේ අනුර කුමාර දිසානායකට විරුද්ධව නැඟී සිටි සජිත් ප්‍රේමදාස මේ අදහස යාපනයේ ජනතාව සමඟ වන සාකච්ඡාවකදී ඉදිරිපත් කරන අයුරු අප දුටුවා.ඒ මොහොතේ අනුර කුමාරයන්ට සහය දුන් පිරිස් මේ අදහස සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක් වූයේ නැහැ.මේ මැතිවරණයට ගෝඨාභය දිනවීම වෙනුවෙන් කැප වී,ඒ අදහස්ම සමඟ අනුර දිනවීමට පෙළ ගැසුණු අය එහිදි වඩාත් පහත් ප්‍රතිචාර දැක් වූවා.එහෙත් දේශපාලනික වශයෙන් යෝජනාව ගෙනෙන ලද සජිත්ට වඩා යාපනයේ ජනතාව ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තැබුවා.


තවත් අතකින් මේ දේශපාලන පක්ෂවලට වඩා යාපනය සම්බන්ධයෙන් ඉදිරිගාමී අදහසක සහ සැළසුමක ශ්‍රී ලංකා ක්‍රිකට් සිට ඇති බව පැහැදිළි වෙනවා.භෞතික සම්පත් ලබා දීම වගේම ක්‍රිකට් අධීක්ෂණයට විශාල වැඩ කොටසක් කිරීම තුළින් යාපනය හරහා ජාතික කණ්ඩායම් කරා ක්‍රීඩකයින් පැමිණිය හැකි ප්‍රවනතාවක් නිර්මාණය කර තිබෙනවා.ඒ නිසා මේ මොහොත වත්මන් රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යාපනය පොළව මත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම වෙනුවෙන් සංධාන ගතවීම ඉතාම යහපත් වැඩක් හැටියට අප දකිනවා.


ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් මිනිසුන් තුළ බිය ගැන්වීමක් ඇති කරන ලද දේශපාලන ව්‍යාපාරයක කණ්ඩායමක් සම්බන්ධයෙන් එම අදහස ප්‍රතික්ෂේප කරන අතරේම ඊට වෙනස් අදහසකින් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් විය යුතු බවට එකඟතාවයකින් කටයුත් කළ හැකි වෙනවා.ඒ එකඟතාවයේ වඩාත් පලදායී පියවරක් හැටියට යාපනය වෙනුවෙන් කරන මේ සංවර්ධනමය මැදිහත්වීම් මෙන්ම ඉන්දියාව සමඟ සිඳුවෙන එකඟතාවල සංවර්ධන අපේක්ෂාවන් රජයට වඩා පෙරමුණේ සිට දැකිය හැකි තැනක සිටි නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් යාපනයේ ක්‍රීඩා සංවර්ධනය නො‘නැවතිය යුතු බව අප විශ්වාස කරනවා.


ක්‍රිකට් නොවන විශේෂයෙන් මලල ක්‍රීඩා සම්බන්ධයෙන්ද යාපනයේ පොළව ජාත්‍යන්තර මට්ටමට සමත් විය යුතුයි.දොරේ අප්පා ක්‍රීඩාංගණයට සාමාන්‍ය පරිදි ගත්ත්ද වේගවත් පසුබිමක් තිබෙනවා.වසර ගණනකට පසුව ධම්මිකා මැණිකේ ගේ මිටර් 800 වාර්තාව දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී නිමාලි ලියනආරච්චි අතින් බිඳ වැටිම මෙන්ම එහි තරග නිම කිරීමේ කාලයන් ඉදිරියෙන් පැවතීම මෑත කාලයේ එහි පැවති ජාතික ක්‍රීඩා උළෙලේ දත්ත නිරීක්ෂයේදී පැහැදිළි කර ගැනීමට හැකියි.එය පාපන්දු සහ රගර් වැනි ක්‍රීඩාවන්ට ද හිතකර විදිහට වර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා.එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා මේ මොහොතේ පෙනි සිටින අදහස අනුව යාපනයේ පසුගිය රගර් පරිපාලනය උත්සාහ කරමින් සිටි ප්‍රාදේශිය සංගම් පිහිටුවා එහි රගර් ව්‍යාප්තියට බලය ලබා දීමක් ඉදිරියේදී සිඳු වීමට හැකි ඉඩ අඩුයි.එම ව්‍යාප්තිය මේ වන විට අමාත්‍යවරයාගේ ආශිර්වාදයද ඇතිව කළ වැරදිවලට නිසි දඬුවම් නොලද රගර් පරිපාලකයන් ආසියාව දක්වා උසස් වි ඔවුන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රගර් ව්‍යස්ථානුකූලවම වෙනස් කරමින් සිටිනවා.තවත් ආකාරයකින් නාමල් රාජපක්ෂලාගේ සහ මලික් සමරවික්‍රමලාගේ නියෝජනයන් සඳහා ලංකාවේ රගර්වල ව්‍යාප්තිය හකුළුවා බලය ලබා දිමේ වැඩ සටහනට පන දෙමින් සිටිනවා.


ඒ අඩුපාඩු කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෙන්ම අනිත් ක්‍රීඩා වෙනුවෙන් ද,ගෘහස්ථ ක්‍රීඩා වෙනුවෙන් ද යාපනයේ ඉඩක් වෙන් විය හැකිනම් ඊට විශාල වශයෙන් ඉන්දියාවේ මිත්‍රත්වයේ දෑත දිගු කර ගැනිමේ අවස්ථාව විවෘතව පවතිනවා.මේ වන විට ගෘහස්ථ ක්‍රීඩාවන් ගත් විට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ තරගාවලියක් උතුරු පළාත් විවෘත බැඩිමින්ටන් තරගාවලිය ලෙස ක්‍රියාත්මක වෙනවා.මේ තත්ත්වයන් වර්ධනය කර ගැනීමට ඉන්දියාවේ උපකාර පහසු කිරීමට යාපනය හොඳ තෝරා ගැනීමක් වනු නිසැකයි.බැඩ්මින්ටන් සහ මේස පන්දු වැනි ක්‍රීඩාවන්ගෙන් ඉන්දියාවේ උපකාර ලබා ගැනීමට මෙන්ම නෙට්බෝල් වැනි ක්‍රිඩාවකදී ඉන්දියාවට උපකාර කිරීමට හැකි තත්ත්වයකට දැනට පවතින් පරිපාලන ගැටළු නිරාකරණය කර දීමටද අවධානය යොමු කළ යුතු වෙනවා.


තවමත් අඩුවක්ව පවතින ගොඩබිම් මාර්ගයක් ඉදි කිරීමට හැකියාව තිබෙනවානම් ශ්‍රී ලංකාවට එය පහසුවක් වෙනවා.අඩු මිලකින් ඉන්දියාවට යා හැකි වීමට මේ රටේ සාමාන්‍ය ජනතාවටද ඉඩක් සැකසෙන අන්දමේ ව්‍යහුයක් සකස් කළ යුතුව තිබෙනවා.එසේම පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වීමෙන් ලංකාව සහ ඉන්දියාව අතර පහසු ගමනාගමන පමණක් නොව ව්‍යාපාරික තත්ත්වයන් ද පොහොසත් වෙනවා.ඒ තත්ත්වයම ත්‍රීකුණාමල වරාය ඇසුරේද පවත්වා ගත හැකිනම් එයද වැදගත් ජාත්‍යන්තර වෙළද ගණුදෙනු සිඳුවන වරායක් දක්වා පොහොසත් කිරීමේ හැකියාවද පවතිනවා.


රජය ක්‍රීඩා පිටි සැකසීම මෙන්ම එහි පවත්වන ක්‍රීඩා තරග සඳහා වැඩි ජාත්‍යන්තර සහයෝගයක් ලබා ගැනිමේ ඉඩද පවත්වාගත යුතු වෙනවා.එය ආර්ථික සහ සමාජීය වශයෙන් සිඳුවිය යුතු ක්‍රීඩාව රටේ ආර්ථිකයට සහන සපයන දෙයක් බවට පත් කිරීමට හැකි වාතාවරණයක් දක්වා පුළුල් කළ යුතුව තිබෙනවා.එයට යාපනය හොඳ මර්මස්ථානයක් වෙනවා.මේ සමඟම ඉන්දියාවේ ද සහය ඇතිව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන මාර්ගයක් සැකසිය හැකිනම් ක්‍රිකට් ක්‍රීඩාංගණය සකස් කර විවෘත කරන උත්සවය දිනයට දෙරට පාපැදි සූරයන් සහභාගි වන පාපැදි තරගයක් වුව පැවත්විමේ හැකියාව තිබෙනවා.
දේශපාලන වශයෙන් ගත්තම ජාතික ජන බලවේගයේ ඉන්දියානු මිත්‍රත්වය සම්බන්ධයෙන් වන හොඳම උපහාසය ගොඩ නඟා තිබුණේ මංජුල වෙඩිවර්ධන වන අතර ඔහු අනිද්දා පුවත්පතට සිය වෙඩිල්ලනම් විශේෂාංගයෙන් ජනරංජන විසින් කරන ලද ටිල්වින් සිල්වාගේ සිතුවමක් සමඟ තබා තිබූ කවි සටහන පහත දැක්වෙනවා.


“දන්න කාලේ ඉඳලම මහදැනමුත්තේ
ඉන්දියාවේ නම කිව්වත් කෙළ ගත්තේ
වන්දනා බරට මල්ගෙන පැලවත්තේ
යන්න කාලෙ හරි දැන් දඹදිව පැත්තේ”

මේක අපූරු ලිවීමක්.එසේම උපහාසය මෙන්ම මේ අලුත් බැදීම සම්බන්ධයෙන් වන හාස්‍යයද මේ වචනවල හොඳින් අතුරා තිබෙනවා.මංජුලත් වැටෙන්නේ ඉන්දියාව වැනි රටවල් සමඟ වන ජාත්‍යන්තර සබඳතාවලට කෝප්පයේ කුණාටු මැවූ,උතුරේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ත්‍රස්තවාදයම අලවා පතුරු ගැහීමට විරුද්ධ වූ එහෙත් යම් ආකාරයකින් අන් ආර්ථික සමාජ වැඩ සටහන් සමග එකඟ වූ මිත්‍රශීලී විවේචනයක් සහිත සාහිත්‍යධරයෙක් හැටියට.


මේ ක්‍රීඩාංගණයද අපටනම් ක්‍රිකට්වලට සීමා නොවුණු උතුර දකුණ අතර විශ්වාසය තහවුරු කරන දෙපසම එකඟ වූ දේශපාලන අනන්‍යතාවයන්ගේ මිත්‍රශීලි සහ ක්‍රිඩාශීලිව ප්‍රතිවාදියා ඉවසන සහ ගරු කරන දේශපාලන ක්‍රීඩාවේද යහපත් ප්‍රතිපල අපේක්ෂා කළ හැකි පිටියකි.ඒ පිටියට බසින්නට දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය විසින් ඉන් බැහැර කර සිටි ජවිපෙ වෙත නැවත දේශපාලනයට ඉඩ දුන් අයුරෙන්ම උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලනිකව සංවේදී නොවුණු නිසා සංවිධානාත්මකව ආයුධ අතට ගත් පිරිසට ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඉඩ දීම ට එවැනි ඉතිහාසයක් ඇති පිරිසක් නියෝජනය කරන ආණ්ඩුවක් හැටියට මේ රජයට ඇති වගකීම ගැන ද කල්පනාවට ගන්නේනම් යහපත්ය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan