ඩීපී කෝඩින් හා රොබොටික්ස් කැම්පස් 16 වැනි මධ්‍යස්ථානය අම්පාරට !

Date:

ඩීපී එඩියුකේෂන් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ඩීපී කෝඩින් ස්කූල් සහ ඩීපී කෝඩින් හා රොබොටික්ස් කැම්පස් 16 වැනි මධ්‍යස්ථානය පෙරේදා (09) අම්පාර, මණ්ඩල විහාරස්ථානයේ දී විවෘත කෙරිණි .

ඒ, පූජ්‍ය සුහදගම සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ එකතු වෙමින් සභාව ඇමතුවේය.

අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන්ට පරිගණක භාෂා අධ්‍යාපනය නොමිලේම ලබාදීම උදෙසා පිහිටුවන ලද මෙම මධ්‍යස්ථානයේ පරිගණක 18ක් යොදවා ඇති අතර සිසු සිසුවියන් 800 දෙනෙකුට ඩීපී කෝඩින් ස්කූල් පාඨමාලාව ඉගැන්වීමට අපේක්ෂා කෙරේ.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඩීපී කෝඩින් ස්කූල් සහ ඩීපී කෝඩින් හා රොබොටික්ස් කැම්පස් මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇති අතර දැනටමත් ඒ සම්බන්ධ කටයුතු කඩිනමින් ඉටු කෙරෙමින් පවතී.

අන්තර්ජාල පහසුකම් ඇත්නම් නිවසේ සිටම මෙම පාඨමාලාව හැදෑරීමට හැකියාව ඇති අතර ඔබේ දරුවාත් අදම dpcode.lk වෙබ් අඩවියට යොමු කර නොමිලේම ලබාදෙන, රුපියල් ලක්ෂ 24ක් වටිනා මෙම පාඨමාලාවට සම්බන්ධ කරන්න.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...