දකුණු චීන මුහුදේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජපානය, පිලිපීනය, එක්සත් ජනපදය නව ගිවිසුමකට එළඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(11)දිනයේදී වොෂින්ටන්හිදී හමුවූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හා පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් අතර පැවති ත්‍රෛපාර්ශ්වික සමුළුවෙදී නායකයන් තිදෙනා දකුණු චීන මුහුදේ ආරක්ෂාව සහ නාවික ගමනාගමනයේ නිදහස පවත්වා ගැනීමේ අරමුණෙන් නව ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

රටවල් තුන අතර ප්‍රථම වරට පැවති සමුළුවේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, දකුණු චීන මුහුදේ මහජන චීන සමූහාණ්ඩුවේ අනතුරුදායක සහ ආක්‍රමණශීලී හැසිරීම පිළිබඳව අපගේ බරපතල කනස්සල්ල අපි ප්‍රකාශ කරන බවයි.

බීජිං මෑත වසරවලදී උපායමාර්ගික ජල මාර්ගයේ සිය ක්‍රියාකාරකම් වේගවත් කර ඇති අතර දකුනු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති සමුද්‍රීය අංගයක් වන දෙවන තෝමස් ෂෝල් හි තත්ත්වය දිගටම උත්සන්න වී ඇති හෙයින් එක්සත් ජනපදය හා ජපානය යන දෙකම සමග මිලිටරි සබඳතා ගැඹුරු කර ඇත.

වැඩි දියුණු කළ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම යටතේ ඇමරිකානු සොල්දාදුවන්ට ප්‍රවේශ විය හැකි පිලිපීන කඳවුරු දෙගුණ කිරීමට මාකෝස් ඉඩ දී ඇති අතර පිලිපීන භූමියේ ජපාන හමුදා පැමිණීමට ඉඩ සලසන අන්‍යෝන්‍ය ප්‍රවේශ ගිවිසුමක් සඳහා ජපානය සමඟ සාකච්ඡා පවත්වමින් තිබේ.

මෙම සමුළුවේ ප්‍රධාන අභිප්‍රාය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, අප මිත්‍ර රටවලට සමෘද්ධිමත් වීමට හැකිවීම, එකිනෙකාට උපකාර කිරීමට හැකිවීම සහ ඇත්ත වශයෙන්ම දකුණු චීන මුහුදේ සාමය සහ නාවික නිදහස පවත්වා ගැනීමයි මෙහි ප්‍රධාන අරමුණු අතර වන බවත් යටිතල පහසුකම්, අර්ධ සන්නායක, සයිබර් ආරක්ෂාව, තීරණාත්මක ඛනිජ, පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...