*
Friday, May 24, 2024
spot_img

Latest Posts

NPP අලුත් අවුරුදු පණිවිඩය!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 12, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරු බවත් රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි සුභාශිංසන ගෙන එන බවයි.

අනුර දිසානායක මහතා ගේ සුබ පැතුම පහතින් දක්වා ඇත.

නව ජාතික පුනරුදයක් සඳහා වන ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් කරගනිමු!

ශ්‍රී ලාංකේය සිංහල සහ දෙමළ ජනතාව විසින් නව අවුරුදු උදාව නිමිති කර ගනිමින් උත්සවාකාරයෙන් සමරනු ලබන මහා සංස්කෘතික උළෙල මෙවර අප්‍රේල් 13 දිනට යෙදී තිබේ. සාම්ප්‍රදායික විශ්වාසය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම අනුව එළඹෙන අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වන සිංහල දෙමළ ජනතාවට අපි සුභාශිංසන එක්කරනු කැමැත්තෙමු.


අලුත් අවුරුදු උත්සවය නිවසේ ඇති ද්‍රව්‍යවල සිට ජන ජීවිතයට සම්බන්ධ සියලු අංගයන්හි අලුත් වීමක් හෝ අලුත් කර ගැනීමක් සමග බැඳී තිබෙනවා පමණක් නොව එය පෙරළා ජන ජීවිතයට සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක්ද වේ. කලක් පවත්වාගෙන පැමිණි අනවශ්‍ය දෑ ඉවත් කර ගේදොර මෙන්ම ජීවිතයද නැවුම් බවකින් පුරවා ගැනීමට එය ඉඩකඩ නිර්මාණය කරයි. එම නැවුම් බවට මෙතෙක් තමන් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමට කරනු ලබන පෙළඹවීමද ඇතුළත්ය.

පවතින ආර්ථික අර්බුදය තුළ ජනතාවගෙන් බොහෝ පිරිසකට නව අවුරුද්ද තම අපේක්ෂාව අනුව උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එසේ වී ඇත්තේ චක්‍රයක් සම්පූර්ණ කරමින් අලුත් අවුරුද්ද උදා වූ නමුදු, පැවති හා පවතින පාලනයන් විසින් වසර 76ක් පුරා ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්‍රයක ගමන් කරවීම හේතුවෙනි. ලැබෙන පළමු මොහොතේම පවත්නා දුෂ්ට හා දූෂිත සමාජ ආර්ථික දේශපාලන චක්‍රයෙන් ඉවත් වී බංකොලොත් වී ඇති රට ඉන් ගොඩගන්නා වූ සහ දියුණු හා සාධාරණ සමාජයක් වෙත ඔසවා තබන්නා වූ ජනතාවාදී පාලනයක් තෝරා ගැනීමට එළඹි අලුත් අවුරුද්ද විසින් ඉඩහසර විවර කර ඇත. අලුත් අවුරුද්දේ ඇති කර ගන්නා වූ ප්‍රාර්ථනා සැබැවින්ම ඉටු වනු ඇත්තේ එවැනි තත්වයක් තුළ පමණි.

උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත් ජනතාව, භේද දුරලමින් ජනතාවාදී පාලනයක අවශ්‍යතාව සමග පෙළගැසෙමින් සිටින්නේ එම සුභ නැකත එළඹෙන තුරුය. රටටත් ජනතාවටත් සැබෑ ජයග්‍රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු ඇතැයි අපි සුභාශිංසනය කරමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.04.13

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan