ගෝල්ෆේස් විරෝධතාවේ ගී ගයමින් සිටි ගායකයකු හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වෙයි

Date:

ගෝල්ෆේස් පිටිය අසල අඛණ්ඩව පැවැත්වෙන ජනතා විරෝධතාවට සහභාගී වෙමින් එහි ගීත ගායනා කරමින් සිටි ගායකයකු ඊයේ (11) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ රැප් ගීත කලාවේ පුරෝගාමියෙකු වූ ෂිරාස් යුනූස් ය. (Shiraz – Rude Bwoy Lankan)

ගී ගයමින් විරෝධතාවට එක්ව සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වූ ඔහුව ඉතා ඉක්මනින් ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව සඳහන්.

ෂිරාස් අවසන් වරට ගෝල්ෆේස් විරෝධතාවේදී ගායනා කර ඇත්තේ ලෝක ප්‍රකට ගායක බොබ් මාලේ විසින් ගයන ලද “Get up stand up – Stand up for your rights” ගීතය යි.

අපි ඔහුට අපේ ආචාරය පුදකරන්නෙමු. සුබ ගමන් ෂිරාස් …. !!

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...