පාර්ලිමේන්තුවේත් ඩොලර් හිඟයක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයත් ඇතුළුව මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ 113ක සරල බහුතරය පවා ගැටලුසහගත වී තිබේ.

ඒ අනුව ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් යළි එක්කර ගැනීම සඳහා “මන්ත්‍රී වෙන්දේසි” මෙහෙයුමක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් මිලියන සිය ගණන්වලින් ලංසු ඉදිරිපත් වන අතර ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් රුපියල්වලින් ගනුදෙනුව කිරීමට අකමැති වීම බවත් සඳහන්.

එනම්, රුපියල දිනපතා වේගයෙන් අවප්‍රමාණය වන තත්වයක් තුළ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුවට අදාළ ගණන රුපියල්වලින් සාකච්ඡා කරගත් පසුව එම මුදල ඇමරිකානු ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් සිටින බවත් ඔවුන් ශ්‍රී ලංකා රුපියල්වලින් ගනුදෙනුව කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්වයක් උද්ගතව ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ රට මුහුණ පා සිටින ඩොලර් හිඟය පාර්ලිමේන්තුවේ බහුතර බලය පවත්වා ගැනීමටත් විශාල වශයෙන් බලපෑම් කරන බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...