ලාංකේය පිහාටු මලේ සුවඳ එංගලන්තයේ විහිඳවපු රේණු

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 12 කොළඹ LNW :

එංගලන්තයේ පැවති එංගලන්ත ජ්‍යෙෂ්ඨ විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ කාන්තා අංශයේ අවුරුදු 50 න් ඉහළ සූරාතවය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ රේණු චන්ද්‍රිකා සමත් වුණා.ඇය අතින් අවසාන තරගයේදී පරාජයට පත් වුණේ යුරෝපයේ දක්ෂතා අතින් ලෝකයට වැඩිම අභියෝගයක් එල්ල කරන රට හැටියට පිළිගැනෙන ඩෙන්මාර්කය නියෝජනය කළ ජේන් වෑන්ග් නීල්සන්ය.එහිදී ප්‍රබල අභියෝගයකට මුහුණ දීමට රේණු චන්ද්‍රිකාට සිඳු වූ අතර ලකණු තත්ත්වය දැක් වුණේ 18 -21,22-20 සහ 21 – 16 ක් ලෙසය.


නෙදර්ලන්ත ක්‍රිඩිකාවක වූ පෙට්රා ලෑන්ඩ්මෙටර් සමඟ අවසාන පූර්ව තරයේදී ද රේණු චන්ද්‍රිකාට විශාල අභියෝගයකට මුහුණ දීමට සිඳු වූවාය.එම තරගයද ඇය ජය ගත්තේ වට 2-1 ක් ලෙස ලකුණු 21-11,19-21 සහ 21-10 ක් ලෙසය.තරගයේ ජයග්‍රාහී මොහොත මෙන්ම ඇය ජය සංඛේත ලබා ගත් අවස්ථාවද මේ සමඟ ඇතුළත්ව ඇත.


මේ වයස් කාණ්ඩයේ කාන්තා තරග අංශයේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෞශලී හේමානි රොද්‍රිගෝ ද තරග වැදුණු අතර ඇය අර්ධ අවසාන පූර්ව වටයේදී රේණු චන්ද්‍රිකාට අවසාන තරගයේදී පරාජයට පත් වූ ජේන්ග් වෑන්ග් නීල්සන් අතින් ලකුණු 21 -9 සහ 21 -2 ක් ලෙස පරාජය ලැබුවාය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...