නැගෙනහිර කොංගෝවේ මාස දෙකක් තුළ ‘සෑම පැය භාගයකට වරක් දරුවෙකු දූෂණය කර ඇත’ – UNICEF

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වාර්තා වූ පුළුල් දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ UNICEF සංවිධානය සඳහන් කර තිබුණේ, සෑම පැය භාගයකට වරක් දරුවෙකු දූෂණය කර ඇති බවයි.

මෙම තත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස හෙලා දැක ඇති අතර M23 සන්නද්ධ කණ්ඩායම සහ රජයේ හමුදා අතර පවතින යුද්ධය හේතුවෙන් මාස ගණනාවක් පුරා කලාපයේ සිවිල් යුද්ධයක් ඇතිවී තිබීම මෙයට හේතු වී තිබේ.

මේ සමබන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ UNICEF ප්‍රකාශක ජේම්ස් එල්ඩර් සඳහන් කර තිබුණේ, වාර්තාවලින් පෙනී යන්නේ මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පමණක් වාර්තා වූ ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවෙන් සියයට 35 ත් 45 ත් අතර ප්‍රමාණයක් ළමයින්ගේ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...