කාන්තාවකට ගුවන් යානයකදී ලිංගික හිරිහැර කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 12 කොළඹ LNW :

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන්ගත් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අදාළ කාන්තාව ඩුබායිහි සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් වන බව සඳහන් වේ.

“ෆිට්ස් එයාර්” ගුවන් සේවයේ ඒ.ඩී – 822 දරන ගුවන් යානයෙන් ඇය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර,ඇය ගමන්ගත් ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු විසින් ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ පිළිබදව එම කාන්තාව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

අනතුරුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ ඉන්දීය ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන් වේ.

මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, වින්දිත කාන්තාව සහ සැකකාර ඉන්දීය ජාතිකයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙන බව පැවසේ.

එලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව සඳහන් වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...