දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/12

Date:

  1. වසර 04 කට යටත් ඇ.ඩො. බිලියන 2.9 ක ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය එළඹි ගිවිසුම එළඹෙන අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක පවසයි – ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ තිරසාර වර්ධනය සඳහා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
  2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අනාගත මැතිවරණයක ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි – පක්ෂයේ ආධාරකරුවන්ගේ පක්ෂපාතීත්තවය තවමත් හිමි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත බව ද පවසයි.
  3. පළාත් පාලන මැතිවරණය නැවත වරක් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇත – මීට ඉහත අවස්ථාවක මැතිවරණය කල් දැමීමෙන් අනතුරුව එය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් 25 වන දින ය.
  4. නව සීමානීර්ණ වාර්තාව අනුව, පළාත් පාලන ආයතනවල සාමාජිකයන් සංඛ්‍යාව 4,714 දක්වා අඩු කිරීමට කටයුතු කළ යුතු බව ජාතික සීමානීර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
  5. ශ්‍රී ලංකාවේ ඇ.ඩො. බිලියන 7.1 ක ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා රජය සහභාගී වන්නේ කෙසේද යන්න පිළිබඳව, සහ මේ සඳහා නිල කමිටුවක් පත්කරන්නේ ද, නැතිනම් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වන්නේ ද යන්න මෙරට ස්වෛරී නායකයන් තවම තීරණයකට එළඹ නැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
  6. අනාගතය සඳහා වූ අපේක්ෂා සෙමින් වර්ධනය වීමට පටන් ගෙන ඇති බව NielsenIQ අධ්‍යක්ෂිකා තෙරිකා මියන්දෙනිය පවසයි – LMD සඟරාවට අනුව, ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව, පෙබරවාරි මස සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළ ව්‍යාපාරිකභවතුන්ගෙන් පැවසූ සියයට 07 ට සාපේක්ෂව, මාර්තු මස මුල් කාලසීමාවේ සම්මුඛ සාකච්ඡාවට බඳුන්කළ ව්‍යාපාරිකභවතුන්ගෙන් සියයට 17 ක් ම පවසා ඇති බව ද අනාවරණය කරයි.
  7. පාසල් ගමන් මළු සහ පාවහන්වල මිල වහා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ තම දරුවන්ට පාසල් ගමන් මළු සහ පාවහන් මිලදී ගැනීමට දෙමාපියන්ට අපහසු වී ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පවසයි – පාසල් වාරය ආරම්භ වූයේ ජනවාරි මස බව දෙමාපියන් විසින් පැවසූ බව ද පවසයි.
  8. චීන සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් 100,000 ක් ලබා දීම පිළිබඳව සැලසුම් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත – මෙරට රිලවුන් (Toque macaque) සඳහා චීනයෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි – මෙමඟින් ශ්‍රී ලංකාවේ රිලවුන්ගේ අධිගහණය පිළිබඳ ගැටළුව විසඳෙනු ඇති බව ද පවසයි.
  9. ශ්‍රී ලංකාවේ මතුව ඇති බරපතල තත්ත්වය තුළ එරට ජනතාව තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට දරන අරගලය, “නැඟුණු තැනැත්තා” (Risen One) විසින් සම්ප්‍රේෂණය කළ නව ජීවිතයේ සාක්ෂිය බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
  10. තම කණ්ඩායම කිසිඳු කණ්ඩායමක් අවතක්සේරු නොකරන අතර, ඉදිරි තරඟ 2 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේදී අයර්ලන්තයට එරෙහිව හොඳ අභියෝගයක් එල්ල කිරීමට අවශ්‍ය බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...