‘ගංගා වැලි’ යන යෙදුම වෙනුවට ‘සියුම් සමාහාරක’ යෙදුම ආදේශ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගංගා වැලි හිඟය සහ අධික මිල හේතුවෙන් මතුව ඇති අභියෝග ජය ගැනීම සඳහා රජය නව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව, මින් ඉදිරියට ගංගා වැලි වෙනුවට නිෂ්පාදිත වැලි සහ කුඩු කරන ලද පාෂාණ වැනි විකල්ප ද්‍රව්‍ය භාවිතය දිරිමත් කෙරේ.

මෙම සියලු විකල්ප පොදුවේ හැඳින්වීම සඳහා ‘සියුම් සමාහාරක’ යන නව පාරිභාෂිත යෙදුම හඳුන්වා දී ඇති අතර, එය නිල ලේඛනවල භාවිත කිරීමට නියමිතය.

මෙම වෙනස මඟින් ඉදිකිරීම් කටයුතුවල පිරිවැය පාලනය කිරීම සහ පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ. 2014 අංක 33 දරන පනත යටතේ අදාළ රෙගුලාසි සංශෝධනය කරමින් මෙම ප්‍රමිතිකරණය ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...