ලංකාවට අවුරුදු උදාවේ නේපාලයෙන් කටාර්වලට වෙඩි පත්තු කරපු දිපේන්ද්‍ර

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 13, කොළඹ (LNW): මේ දිනවල ක්‍රියාත්මක ආසියානු ක්‍රිකට් කවුන්සල ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලියේ පැවති නේපාලය සහ කටාර් අතර තරගයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියක එක් පන්දු වාරයක් තුළ හයේ පහර හයක් එල්ල කරල ලද තුන්වන අවස්ථාව වාර්තා කරන්නට නේපාල මැදපෙළ පිතිකරු දිපේන්ද්‍ර සිං අයිරී සමත් වුණා.


ඕමානයේ මස්කට් හී තරගාවලියේ ඒ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේදී දීපේන්ද්‍ර හයේ පහර හය එල්ල කළේ කටාර් කණ්ඩායමේ කම්රාන් ඛාන් විසින් යවන ලද පන්දු ඕවරයකටයි.කටාර් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ අමීර් ෆාරුක් පන්දු ඕවර් 2.2 ක් යවා ඉවත් වූ පසු ඔහුගේ පන්දු ඒවරයේ ඉතිරි පන්දු ඔවර් හතර නිමා කරන්නට කැද වූ කම්රාන් එහිදී ලබා දුන්නේ ලකුණු 6 ක් පමණක් වුව ද,දෙවන පන්දු වාරය යැවීම සඳහා කැද වූ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ දීපේන්ද්‍ර එම පන්දු ඕවරයට මෙම හයේ පහර හය එල්ල කරන්නට සමත් වුණා.


මේ ප්‍රහාරය නිසා නේපාලයට පන්දු ඕවර් 20 නිමා වන විට සිය ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 210 ක් ලෙස සටහන් කර ගැනීමට වුණා.මෙහිදී දීපේන්ද්‍ර පන්දු 21 දී නොදැවී ලකුණු 64 ක් ලබා ගත් අතර ඒ සඳහා හයේ පහර 7 ක් සහ හතරේ පහර තුනක් ඇතුළත් වුණා.


පිළිතුරු ඉණිම තුළ කටාර් කණ්ඩායම ද ඉතා වේගවත්ව මෙම ලකුණු ප්‍රමාණය හඹා යන්නට උත්සාහ කළ අතර ඔවුන් පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 178 ක් ලබා ගෙන සිටියා.


ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/acc-men-s-premier-cup-2024-1426424/nepal-vs-qatar-7th-match-group-a-1426461/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...