විරෝධතාව පස්වැනි දිනටත්. අරගලයේ නියුතු ජනතාව ගෝල්ෆේස් පිටියේම අවුරුදු සමරන්න සූදානමින්

Date:

ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් විරෝධය පළ කරමින් අප්‍රේල් 09 වෙනිදා කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ආරම්භ කෙරුණු විරෝධතාව අඛණ්ඩවම අද (13) දිනයේත් ක්‍රියාත්මක වේ.

ගතවූ දින හතර තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ගෝල්ෆේස් පිටිය අසල කූඩාරම් පිහිටුවා වාඩිලාගත් අතර අව්වැසි නොතකා එහි රැඳී සිටිමින් පැය 24 පුරා අඛණ්ඩ උද්ඝෝෂණයක් මේ දක්වාම පවත්වාගෙන යති.

ඔවුන් මෙම විරෝධතා කඳවුර “ගෝඨාගෝගම” වශයෙන් නම්කර ඇති අතර මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ද එහිම සිට සැමරීමට සූදානමින් සිටිති.

කිසිදු දේශපාලන පක්ෂයක මෙහයවීමෙන් තොරව ජනතාව ස්වේච්ඡාවෙන් සංවිධානය වෙමින් මෙම විරෝධතාව පවත්වාගෙන යන අතර විවිධ වෘත්තිකයින්, කලාකරුවන්, ආගමික නායකයින් ඇතුළු පිරිස්වල සහයෝගය ද ඊට ලැබෙමින් තිබේ.

මෙම විරෝධතාව ශ්‍රී ලංකාවේ මෙතෙක් දේශපාලන ඉතිහාසයෙහි නවමු අත්දැකීමක් වශයෙන් සටහන් වනු නියත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව