ගෝල්ෆේස් පිටියේ අරගලයේ නියුතු ජනතාවගෙන් අගමැති මහින්දට ලිපියක්

Date:

කොළඹ ගෝල්ෆේස් පිටියෙහි අරගලයේ නියුතු තරුණ තරුණියන් හා සාකච්ඡා කිරීමට රජය කැමති බවත් ඒ අනුව තමන් එම තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ ප්‍රකාශ කර තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් අරගලයේ නියුතු ජනතාව අගමැතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ …

**************************

අරගලයේ නියුතු ජනතාව,
ගෝටාගෝගම,
ගාලුමුවදොර,
කොළඹ 16.


2022.04.13


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ.


අගමැතිතුමනි,


ඔබ විසින් ඉල්ලා ඇති සාකච්ඡාව සම්බන්ධයෙනි


ජනාධිපතිවරයාට සහ දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව ගාලුමුවදොර ආශ්‍රි ගෝටාගෝගම ප්‍රදේශයේ අරගලයේ නිරත තරුණ පිරිස් සමග සාකච්ඡාවක් සඳහා ඔබ සූදානම් බවට ඔබ විසින් නිකුත් කළේයැයි කියන නිවේදනයක සඳහන් විය.

එහෙත් අරගලයේ නිරත කිසිවෙකු ඔබ හෝ ආණ්ඩු පක්ෂයේ වෙනත් කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡාවක් සඳහා කිසිදු සූදානමක් නැතැයි අවධාරණය කරමු. සති දෙකකට අධික කාලයක් තිස්සේ දිවයින පුරා සහ ගාලුමුවදොර ගෝටාගෝගම ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා හරහා ජනාධිපතිවරයාට සහ ඔබ ඇතුළු ආණ්ඩුවට බල කර කියා සිටින ප්‍රධාන කාරණා දෙකකි.

  1. මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.

2. මහින්ද රාජපක්ෂ වන ඔබ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ පවුලට අයත් සියලු දෙනා (චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක ඇතුළු) ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය.


ඉහත ඉල්ලීම් ඉටු කිරීමකින් තොරව ඉන් ඔබ්බෙහි වූ කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමේ හැකියාවක් නොමැති අතර,ඒ සඳහා අප තුළ කිසිදු අභිලාෂයක් නොමැති බවද යළිත් අවධාරණය කරමු.


එමෙන්ම කිසිදු හේතුවක් මත අරගලයේ නිරත පිරිස් උක්ත ඉල්ලීම්වලින් වියුක්ත කාරණාවක් නියෝජනය නොකරන අතර, අපගේ නියෝජිතයන් බව කියමින් කිසිවෙකු හෝ ඔබ සමග සාකච්ඡාවලට එළඹෙන්නේ වුවද, ඔවුන් අපගේ නියෝජිතයන් නොවන බවටද අවධාරණය කරමු.


අවසාන වශයෙන්ද අපගේ මූලික ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටුවනතුරු ගෝටාගෝගම ආශ්‍රිත අරගලය මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන බවද අවධාරණය කරමු.


ස්තුතියි,
මෙයට,
අරගලයේ නිරත ජනතාව

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...